Connect with us

පුවත්

කෝටිපති ව්‍යාපාරිකයා මන්ත්‍රී ධූරයක් ගන්න කෝටි 50ක් දීලා

Published

on

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පසුගිය දිනෙක පැමිණ ඇති මෙරට නම ගිය කෝටිපති ව්‍යාපාරිකයකු තමාට  ජාතික ලැයිස්තු  මන්ත්‍රී ධුරයක් දෙන බව පවසා පක්ෂයේ  ප්‍රධානියකු කෝටි පනහක මුදලක් ලබාගෙන  මන්ත්‍රී ධූරය  නොදුන් බවට චෝදනා කරමින්  එම සල්ලි වහා දෙන්නැයි ඉල්ලා   කෑකෝ ගසමින් එහි  කලබල කර ඇතැයි වාර්තාවේ.

මේ සිද්ධියෙන් එම කාර්යාලයේ දැඩි  නොසන්සුන් තත්වයක් ඇතිවිණැයි කියති. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන බව පවසා  කෝටි පනහක මුදල මෙලෙස ලබාගෙන ඇතැයි පැවසෙන්නේ මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකුගෙනි.

ඔහු එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හෝ ආසන සංවිධායකවරයෙකු හෝ නොවන නමුත්  එම පක්ෂ ජාතික  ලැයිස්තුවේ සිටියේය.

ව්‍යාපාරිකයා පක්ෂ කාර්යාලයට පැමිණ මේ සම්බන්ධයෙන් දැඩිව චෝදනා කළ අවස්ථාවේදී එහි සිටි නිලධාරීන් ” ඔය ගැන අපි මොකුත් දන්නෙ නෑ. ඕක ඔබතුමා ඒ සල්ලි ගත්තු අයගෙන්ම බේර ගත්තොත් තමයි හොඳ ”  යනුවෙන් පවසා ඇතැයි දැනගන්නට
ඇත.

අනතුරුව ව්‍යාපාරිකයා ” මම ඕක බේරගන්නම්කෝ” යනුවෙන් පවසා එම ස්ථානයෙන්  පිටව ගොස් ඇත. ව්‍යාපාරිකයා මෙම චෝදනාව එල්ල කරන්නේ එම පක්ෂයට බොහොම ළඟින් ක්‍රියාකාරීව  සම්බන්ධව  සිටින තවත් ධනපති ව්‍යාපාරිකයකුට බව  එහි ආරංචි මාර්ග සඳහන් කළේය. ව්‍යාපාරිකයාගේ මෙම කරුණු අනාවරණයත් සමඟ එම පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්වයක් මතුව  ඇතැයි වාර්තාවේ.

(ලංකාදීප)

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved