Connect with us

පුවත්

කෝටි 100ක වන්දියක් ඉල්ලා හරිනි, තිස්සට නඩු දමයි

Published

on

ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජනාධිපතිවරණ රැලියකදී කළ අසත්‍ය ප්‍රකාශයකින් සිදුවු හානියට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ දිසා අධිකරණයේ නඩුවක් අද (11) ගොනු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ එම ද්වේශ සහගත අපහාසාත්මක ප්‍රකාශය හේතූවෙන් දේශපාලනඥයකු ලෙස තමන් ගොඩ නඟාගෙන සිටින ප්‍රතිරූපයට මෙන්ම කීර්තිනාමයට හානි වු බව සඳහන් කරන ආචාර්ය හරිනි අමරසූරිය එම අපහාසාත්මක ප්‍රකාශය ප්‍රචාරය කිරීමෙන් එහි බලපෑම වඩාත් ත්‍රීව්ර වු බවද සඳහන් කරන්නීය.

රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සහ ප්‍රසිද්ධ රූපවාහිනී සමාගමක් නම් කර ඇත.

නීතීඥ ශානිකා සිල්වා මඟින් සිය පෙත්සම ගොනු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය අගොස්තු 18 වැනිදා පැවැති සමඟි ජනබලවේගය පක්ෂයේ දේශපාලන රැස්වීමක් වගඋත්තරකාර තිස්ස අත්තනායක අමතමින් ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහැර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි පවසා ඇතැයිද එය අසත්‍ය මෙන්ම ද්වේෂ සහගත ප්‍රකාශයක් යැයිද සඳහන් කරන්නීය.

(අරුණ)

පුවත්

දුම්රිය වර්ජනය කල් යයි (UPDATE)

Published

on

By

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.7.30 )

දුම්රිය නියාමකවරු අද රෑට වැඩ වර්ජනයක් අරඹයි

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම සංගමයේ ලේකම් කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

Published

on

By

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී ඇත්තේ පහත දැක්වෙන ලිපිනයෙහි එය ස්ථානගත කොට ඇති බවය.

ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඉහත දැක්වෙන තොරතුරු මඟින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වේ.

ලිපිනය – අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම් කොමේනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්

දුරකතන අංක – +98 939 205 5161/ +98 991 205 7522/ +98 936 636 0260

විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected]

Continue Reading

පුවත්

කුරුණෑගල ඉඩම් වංචාව පිටුපස හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්

Published

on

By

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් රත්නසිරි මහතා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කුරුණෑගල අක්කර 1,000ක ඉඩම් ගනුදෙනුවකට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මංජුලා දිසානායක මහත්මිය සම්බන්ධ වී ඇති බවයි.

මෙම ඉඩම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් බදු පදනම මත ලබාගෙන ඇති අතර, එය ඇපකරයක් ලෙස යොදාගෙන ලංකාපුත්‍ර බැංකුවෙන් ණයක් ලබාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ කෙසේ වෙතත්, එම ණය මුදල පැහැර හැර ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ඇයට පෙර සිටි තවත් හිටපු ජනාධිපතිවරයෙකු මාසික බදු මුදල අඩු කිරීමට සහ පසුව එය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සම්බන්ධ වී ඇති බවය.  

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved