රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් ගාල්ල, මාපලගම ප්‍රදේශයේදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිය භාරයට ගෙන තිබේ.
ඒ සමග සැකකරුවන් 10 දෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාතර, ගන්දර නූන්නවැල්ල ප්‍රදේශයට බෝට්ටුවක් මගින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට පසුගිය 18 වැනිදා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව විමර්ශනය කළ පොලීසියට එම මත්ද්‍රව්‍ය තොගය ගන්දර සිට ගාල්ල, මාපලගම ප්‍රදේශයේ නිවසක් වෙත වෑන් රථයකින් රැගෙනවිත් ඇතැයි බවට කරණු අනාවරණය කරගැනීමට හැකිව ඇත.
වැඩිදුර විමර්ශන ඔස්සේ මාතර, ගල්කිස්ස සහ රත්මලාන යන ප්‍රදේශවලදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මාපලගම නිවසක තිබියදී සොයගැනීමට හැකිවිය.
එහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් හා හෙරොයින් කිලෝග්‍රෑම් 70කට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර, පොලිසිය පවසන්නේ මෙහි වටිනාකම රුපියල් කෝටි 500කට අධික බවයි.
පාකිස්තානයේ සිට මෙරටට එවා ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය, කවුරුන් විසින් එවා ඇතිදැයි යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැත.
මේ අතර අදාළ මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කිරීම සඳහා අද (21) උදෑසන මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් සිටි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා තිබුණේ මෙය, මෑත ඉතිහාසයේ ගොඩබිමදී සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය බවයි.