Connect with us

පුවත්

ගංජා රට යැවීමෙන් දැවැන්ත ආර්ථික වාසියක් නෑ – ADIC

Published

on

ගංජා අපනයනය කර දැවැන්ත ආර්ථික වාසියක් ලබාගැනීමට හැකි බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මෙරට තුළ ගංජා භාවිතය නීතිගත කිරීම සඳහා මේ වන විට විවිධ උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ගංජා අපනයනය සඳහා ශක්‍යතාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

කෙසේවෙතත් ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස එයට අවසර ලබාදෙන බව විෂය භාර අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළ බව ද ඔවුන් පැවසීය.

එහෙත් ගංජා අපනයන කිරීම තුළින් ආර්ථික වාසී පවතින බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ගංජා සමාගම්වල ගිණුම් වාර්තා සොයා බැලීමේ දී අනාවරණය වන බව ද මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේය.

අදට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය මෙම අදහස් පළ කර තිබේ.

ගංජා ප්‍රවර්ධනය බලාපොරොත්තු වන පාර්ශව විසින් මෙරට ජනතාව දැනට මුහුණදෙමින් සිටින බලවත් ආර්ථික අර්බුදය සිය වාසියට හරවා ගනිමින් ඒ හරහා තම අරමුණු මුදුන්පත් කරගැනීමේ වෑයමක නිරත වෙමින් සිටින බව ද ඔවුන් පෙන්වා දෙයි.

දැනට පවතින ගංජා පිළිබඳ ධනාත්මක මතවාද හේතුවෙන් එය තවදුරටත් ප්‍රචලිත වන බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙවන් වාතාවරණයක් තුළ ගංජා වැනි හානිකර මත්ද්‍රව්‍යයන් ප්‍රචලිත කරන විට වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය ද ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් බව ද මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 100ක් පමණ මිය යන අතර දුම්කොළ සහ මධ්‍යසාර සමාගම් රුපියල් කෝටි 100ක පමණ මුදලක් ශ්‍රී ලාංකිකයින්ගෙන් උපයා ගන්නා බව ද ඔවුන් පැවසීය.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

පුවත්

මින්නේරිය හැඩකල “යුනිකෝන්” සමුගනී

Published

on

By

කටුකැලියාව රක්ෂිතයේ ඒක දන්ත ඇතෙක් වෙඩි තබා ඝාතනය කරතිබේ.

මෙම හස්තියා මින්නේරිය, කවුඩුල්ල නිජබිම කොටගත් විශාලම ඒක දන්ත හස්තියෙකු වන “යුනිකෝන්” නම් හස්තියා බව විශ්වාස කරයි.

හස්තියා මිය ගොස් ඇත්තේ හිසට එල්ල වූ වෙඩි පහරකින් බවට ද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් කිසිවකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මේ වනවිට ඇතැම් පුද්ගලයන් කිසිදු බියක් සැකක් නොමැතිව අලි ඇතුන් මරා දැමීමට කටයුතු කරන බවකි.

Continue Reading

පුවත්

ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනම්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත.

Continue Reading

පුවත්

මර්වින් සිල්වා නැවතත් රිමාන්ඩ්

Published

on

By

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 05 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකිණීමේ සිද්ධියකට අදාළවය.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතාට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved