Connect with us

පුවත්

ගංජා හදන්න අවසර දුන්නට, ගංජා ගහන්න, ප්‍රවාහනයට අවසර නෑ

Published

on

ලෝකයේ බොහෝ රටවල් මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කර ඇති ගංජා මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ප්‍රවර්ධනය කිරීමට රජය කිසිසේත් අපේක්ෂා නොකරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම විනෝදාස්වාදය සඳහා ගංජා ඉරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය අවසරය ලබා දීමටද රජය කිසිසේත් අපේක්ෂා නොකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළ‌ේය.

 අපනයනය සඳහා පමණක් ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය වගා කිරීමට ඇති ශක්‍යතා පිළිබඳ රජයේ අවධානය යොමු කර ඇති අතර, එයට අදාළ ශක්‍යතා වාර්තාව ඉදිරියේදී සභාගත කිරීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ‌මෙසේ කීය.

“ලෝකයේ බොහෝ රටවල් මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කර ඇති ගංජා මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ප්‍රවර්ධනය කිරීමට රජය කිසිසේත් අපේක්ෂා කරනු නොලැබේ. විනෝදාස්වාදය සඳහා ගංජා ඉරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය අවසරය ලබා දීමට රජය කිසිසේත් අපේක්ෂා නොකරයි. අපනයනය සඳහා පමණක් ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය වගා කිරීමට ඇති ශක්‍යතා පිළිබඳ රජයේ අවධානය යොමු කර ඇති අතර, එයට අදාළ ශක්‍යතා වාර්තාව ඉදිරියේදී සභාගත කිරීමට අපේක්ෂා කරමි. පාසල්, පූජනීය ස්ථානවල සිට මීටර් 100ක දුරින් සිට මද්‍යසාර බලපත්‍ර ලබා දීමට හැකියාව නොමැත. තනි සිගරට් අලෙවි කිරීම සහා පාසල්, පූජනීය ස්ථානවල සිට මීටර් 100ක් දුරින් දුම්කොළ හා මද්‍යසාර අලෙවි කිරීම තහනම් කිරීම සඳහා වන සංශෝධනය ද ඇතුළත් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ සංශෝධනයක් කිරීමට අදාළ කෙටුම්පත් සකස් කිරීම මේ වන විටත් සිදු කරමින් සිටිනවා.”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved