Connect with us

පුවත්

ගතවූ මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

Published

on

මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

එසේම  පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව  අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ  ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම  මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ  අද    (21)  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙසේද පැවසීය .

“ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජන කලාප පහළොවක් සඳහා පහසුකම් සපයන අතර එම ආයෝජන කලාපවල සමාගම් 1575ක් මේ වනවිට මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා. ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් මේ තුළ  රැකියා සිදු කරනවා. වත්මන් රජයේ නව ආයෝජන වැඩසටහන යටතේ නව ආයෝජන කලාප හතක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. මාන්කුළම්, පරන්තන්, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය, ඉරණවිල,  හම්බන්තොට හා බිංගිරිය යන ප්‍රදේශ ආශ්‍රීතව මෙම නව ආයෝජන කලාප ඇති කිරීමට ද   සැලසුම් කිරීමට නියමිතයි. මේ වසරේ ආයෝජන ගිවිසුම් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන එකක ගිවිසුම් අපේක්ෂා කර තිබුණා. නමුත් පසුගිය මාස හයක කාලය තුළ ආයෝජන ගිවිසුම් අත්සන් කර අමෙරිකානු ඩොලර් මිලියන 800ක ආදායමක් මේ වන විටත් ලබා ගැනීමට හැකිවී  තිබෙනවා. එහිදී ආයෝජන ව්‍යාපෘති තිස්පහකට  සාකච්ඡා අවසන් කර ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. 

කන්කසන්තුරය ආයෝජන කලාපය  කැනේඩියානු සහ ශ්‍රී ලංකා ආයෝජන කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ද  සැලසුම් කර තිබෙනවා. ඒ වගේම තමයි ආර්ථික පරිවර්තන නීතිය වෙනුවෙන් සංශෝධන ලබාදීම සඳහා ඉදිරි මාස තුනක කාලයක් ලබාදී තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් වැඩි කිරීම සඳහා “අපනයන ප්‍රවර්ධන” ව්‍යාපෘති  27ක්  මේ වන විටත් පවත්වා තිබෙනවා . “Oනෙ Vඉල්ලගෙ Oනෙ ඵ්‍රොඩුcට්” ව්‍යාපෘතියද ඉදිරියේදී රට පුරා  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් ග්‍රාම සේවා වසම් 14,000ක්  ක්‍රියාත්මක කිරීමට  බලාපොරොත්තු  වෙනවා .ඒ වගේම ” ඊ කොමර්ස් ” ඔන්ලයින් වේදිකාව  සකස් කර අපනයන ආදායම  වර්ධනය කිරීමට  සැලසුම් කර තිබෙනවා . මේ වසරේ පළමු මාස 06 තුළ  අපනයන ආදායම ඩොලර් බිලියන 09ක් දක්වා ලබා ගැනීමට අපට හැකිවී තිබෙනවා . 

තවද වරාය නගරයේ ඉඩම් කොටස්  118න් ඉඩම් කොටස්  46ක් චීන කොන්ත්‍රාත් සමාගමට ලබා දී තිබෙනවා . එයින් ඉඩම් කොටස්  06ක් නැවත මෙරට  සමාගම් වෙත ලබා දී තිබෙනවා .මෙම වරාය නගරයේ ව්‍යාපාර ආරම්භ කිරීමට දැනට ආයතන 21කට අනුමැතිය ලබා දී තිබෙන බවද සඳහන් කළ යුතුයි. ඉදිරියේදී තවත් ආයෝජන ගෙන ඒමට කටයුතු කරනවා .
ඒ වගේම පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව දියුණු කිරීමට ද සැලසුම් කර තිබෙනවා .  මේ සියලු ආයෝජන හාරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකියාව තිබෙනවා .”

අමාත්‍යාංශ ලේකම් එම්. නයුබ්ඩීම්, ආයෝජන මණ්ඩලයේ සභාපති එම්.කේ.ඩී. ලෝරන්ස්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කිංස්ලි බර්නාඩ්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙවාන් වික්‍රමසූරිය යන මහත්වරු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved