Connect with us

පුවත්

ගනේමුල්ලේ සංජීව, කැවුමා හා කන්ජිපානි ඇතුළු 16කට ඇප තිබ්බ අය අමාරුවේ

Published

on

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාල ප්‍රබලයන් අතරින් ඇප ලබා ගිය දහසය දෙනකු රටින් පැන ගොස් ඇතැයි බුද්ධි අංශ කළ දීර්ඝ විමර්ශනයකින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

එම ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට චෝදනා ලැබූ විසිපස් දෙනකු මේ වනවිට ඇප ලබා පිටතට ගොස් ඇති බවද පැවසේ.

ඉන් දහසය දෙනකු මෙසේ රටින් පලාගොස් ඇති බව හෙළිවී ඇත. 

මෙම ජාවාරමුන් අදාළ නඩු වාරවලට ඉදිරිපත් නොවීම නිසා නඩු පවත්වාගෙන යාමේ ගැටලුවක් පැන නැගී ඇති බවත් විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති. 

වසර දෙකක් වැනි කාලයක් තුළ මෙම පිරිස් ඇප ලබාගෙන ඇති අතර ඇප ලබාගත් පසුව බහුතරයක් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් හා බෝට්ටු මගින් රටින් පලා ගොස් ඇතැයි හෙළිවී තිබේ.

ඇප ලබාගැනීමෙන් පසුව රටින් පලා ගිය මෙම පිරිස අතර ගනේමුල්ලේ සංජීව, කැවුමා, කන්ජිපානි ඉම්රාන්, ආමි සම්පත් වැනි ප්‍රධාන පෙළේ පිරිසක්ද සිටිති.

මෙම ඇප ලබාගත් අයගෙන් බහුතරයක් වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ජනාධිපති නීතිඥවරුන් බව විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති. 

මෙම පිරිසට ඇප ලබාදීමට ඉදිරිපත් වූ ඇපකරුවන් සොයා බලා අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් දීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය. 

මෙම පිරිස් ඇප ලබා රටින් පැනගිය පසුව ඩුබායි ඇතුළු රටවල්වල සැඟවී මත්ද්‍රව්‍ය ජාවාරම් හා අපරාධ රැල්ල නිදහසේ කරගෙන යන බවද විමර්ශන නිලධාරීහු පවසති. 

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාරවල නීතිගරුක නිලධාරීන්ටද රටින් පැනගොස් සිටින අපරාධකරුවන්ගෙන් බලපෑම් එල්ලවී ඇතැයිද මේ අතර වාර්තා වේ.

ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ නිවෙස්වලට තම ගෝල බාලයන් යවා එම පවුල්වලට තර්ජනය කරන තත්ත්වයක් පැන නැගී ඇතැයිද පැවසේ.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved