Connect with us

පුවත්

ගනේමුල්ල සංජීව ඝාතන සිදුවීමේ  රිමාන්ඩ් සිටි බූස්ස ජේලර්ට ඇප

Published

on

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඉකුත් පෙබරවාරි 19 වැනිදා ඝාතනය කෙරුණු ගනේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තාගේ ඝාතනය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලැබ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ ජේලර් මනෝජ් උදයකාන්ත නමැත්තා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කර තිබේ.

සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 75000ක මුදල් ඇප මත මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

එම නියෝගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා යවන ලෙස ද නියෝග කර තිබේ.

එම නඩුවේ 13 වැනි සැකකරු ලෙස නම් කර සිටි සැකකාර මනෝජ් උදයකාන්ත නමැති ජේලර්වරයා අදාළ ඝාතනයට කිසිදු ලෙසකින් සම්බන්ධ බවට තම අධිකරණයේ දී හෙළි වී නොමැති බව අධිකරණ විනිසුරුවරයා විසින් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරන ලදී.

සැකකාර ජේලර්වරයා වෙනුවෙන් නීතිඥ සුරංග පෙරේරා මහතා පෙනී සිටියේය.

ඉකුත් මාර්තු 17 වැනිදා බූස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමක වශයෙන් සේවය කරන විත්තිකාර වශයෙන් සිටි උදයකාන්ත නමැත්තා අත්අඩංගුවට ගැනුණ අතර සිය රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදු වූයේ දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බව ද පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේය.

එසේම වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම සැකකාර බන්ධනාගාර නිලධාරියා විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇති බව ද එහිදී පොලිසිය විසින්  පෙන්වා දෙන ලදී.

ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණි.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved