Connect with us

පුවත්

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

Published

on

ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, චර්ච්හිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (22) දහවල් 12 දක්වා මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බවය.

ඒ අනුව වත්තල, මාබෝල, ජාඇළ, කටුනායක, සීදුව යන නගර සභා බලප්‍රදේශවලට සහ වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ, කටාන, මිනුවන්ගොඩ, යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී තිබේ.

අදාළ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින අතර කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කලේය.

පුවත්

2024 එයාර් ෂෝ චයිනා ඇර‍ඹේ

Published

on

By

2024 එයාර් ෂෝ චයිනා හෙවත් 15වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා හා අභ්‍යවකාශ ප්‍රදර්ශනය අද (නොවැම්බර් 12) දකුණු චීනයේ ග්වංඩොං පළාතේ ජූහායි නගරයේදී ආරම්භ විය.

රටවල් හා කලාප 47ක සමාගම් 1,022ක් එක්ව සිටින මෙවර ප්‍රදර්ශනයේදී, නවීන තාක්ෂණික නිෂ්පාදන රැසක් මහජනයා හමුවේ එළිදැක්වීමට නියමිතය.

නොවැම්බර් 17 වැනිදා දක්වා පැවත්වෙන මෙම ප්‍රදර්ශනයේ සෑම දිනකම හමුදා ජෙට් යානා ඇතුළු ගුවන් කරණම් කණ්ඩායම් විසින් සංදර්ශනද පැවැත්වීමට නියමිතය.

මේ අතර, චීනයේ චංග හය චන්ද්‍ර ගවේෂණ යානය මගින් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත කොටසේ සාම්පල හා එම යානයේ “ආපසු පැමිණීමේ කැප්සියුලය” ඇතුළු ප්‍රදර්ශන භාණ්ඩ රැසක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

Continue Reading

පුවත්

දෙසැ 30ට පෙර ගිනිඅවි භාරදෙන්නැයි දේශපාලඥයින්ට, ඉහළ නිලධාරීන්ට කියයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින් හා දේශපාලන සංවිධානවලට මෙන්ම, රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන් වෙත විවිධ කාලවකවානුවලදී නිකුත්කල ගිණිඅවි නැවත භාරදෙන ලෙස දැනුම් දීම

පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රී වරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම, විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද්ධ හමුදාවෙන් නිකුත්කර තිබු පිස්තෝල, රිවෝල්වර් හා පතුරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව නිරීක්‍ෂණය වී ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

එබැවින්, මෙම ගිණිඅවි 2024 දෙසැම්බර් මස 30 වන දිනට පෙර ලඟම තිබෙන පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන මෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය අදාල පුද්ගලයින් වෙත එම අමාත්‍යංශය දැනුම් දෙයි. 

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක මෙසේ ද දැක්වේ :

“තවද, මෙම නිකුත්කර ඇති ගිණිඅවි ලබාදුන් පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ශ්‍රී ලංකා පොලිසිය සතු වන අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් එම නාම ලේඛණයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිණිඅවි පොලිසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇත. එබැවින්, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් කරනු ලබන විමසිම් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත්, තවද දැනටමත් එම ලේඛණයේ නම් සඳහන් පුද්ගලයින් ගිණිඅවි රජයට භාරදී ඇත්නම් ඒ බවද, සනාථ කරන ලේඛණ පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටිනු ලැබේ.”

Continue Reading

පුවත්

21දා නව පාර්ලිමේන්තුව කැඳවමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

Published

on

By

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2024 නොවැම්බර් 21දා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved