Connect with us

පුවත්

ගම්පහ හිමිනමකට වෙඩිතබා අපවත් කරයි

Published

on

ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමකට වෙඩි තබා ඝාතනය කර ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.

හොන්ඩා ෆිට් වර්ගයේ දම්පැහැති මෝටර් රථයකින් පැමිණි  නාදුනන පුද්ගලයන් 04 දෙනකු විසින්, ටී 56 ගිනි අවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු සැකකරුවන් පලාගොස් ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක් වූ හිමි නම රෝහල් ගත කිරීමෙන් අනතුරුව අපවත් වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙලෙස වෙඩි වැදීමෙන් අපවත් වී ඇත්තේ ගම්පහ- මල්වතුහිරිපිටිය, කහටාන ගණාරාම මහා විහාරවාසී කලපලුවාවේ ධම්මරතන නම් වයස අවුරුදු 44ක හිමිනමකි.

කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුවූයේද යන්න පිළිබදව සෙවීම සඳහා ගම්පහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වෙයි

Published

on

By

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භ විය.

එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි

Continue Reading

පුවත්

ජයග්‍රහණය සමරන හැටි අනුර කියයි

Published

on

By

අනෙකාට රිදවීමකින් තොරව ජයග්‍රහණය සමරන්නේ කෙසේදැයි ලබන 22 වනදා ඔප්පු කර පෙන්වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ආගම දේශපාලන වේදිකාවේ අලෙවි කරන දෙයක් නොවිය යුතු බව ද ඒ මහතා කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියෙය.

Continue Reading

පුවත්

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා

Published

on

By

මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය වන්නේ 25 වන වරටය.

එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම සහ වෙළඳ කුටි බෙදාදීම ද පසුගිය දා සිදු කෙරුණි.

මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25 වන සංවත්සරය යෙදීම නිසාවෙනුත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට සාපේක්ෂව වඩාත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved