Connect with us

පුවත්

ගම්පොළදී  STF මුදාගත්  ලොතරැයි ජයග්‍රාහකයාගේ කතාවේ සුලමුල

Published

on

රුපියල් කෝටි හතහමාරක ලොතරැයි දිනුම ඇදුණු  බව පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන විත් දින දහයක් පුරා පහරදෙමින් ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ නිවාස දෙකක වරින්වර සිර කර සිටියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් හා ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැමිණ ඔහුව මුදාගෙන ඊට සම්බන්ධ කල්ලියේ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ පැහැරගෙන සිරකර සිට ඇත්තේ මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හසීම් නැමති පුද්ගලයෙකි.

මොහු සිරකරගෙන සිටියැයි පැවසෙන ලී මෝල් හිමියකු ඇතුළු සිව් දෙනකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ පුද්ගලයකු සිරකරගෙන සිටිනවා යයි විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානයට ගොස් සිද්ධිය තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබේ.

ඒ අනුව ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ මෙම පුද්ගලයා මෙසේ මුදා ගෙන තිබුණි.

මෙම පුද්ගලයා දඹුල්ල ප්‍රදේශයේ සිටියදී ගම්පොලින් ගිය සිව් දෙනෙකු ඔහු  පැහැරගෙන මෝටර් රථයක දමා ගෙනැවිත් ගම්පොල ප්‍රදේශයට රැගෙනවිත් ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.

තමන්ට දරුණු ලෙස පහර දෙමින්  මුදල් ඉල්ලා සිටි බව එම තැනැත්තා පොලිසියට පවසා ඇත. 

දිනුම් ලද මුදල් සඟවා ඇති තැන් අසා පහර දුන් බවත් ඔහු පවසයි.

මේ අතර, මෙම පුද්ගලයා හා ප්‍රධාන සැකකරු අතර මුදල් ගනුදෙනු සම්බන්ධ ආරවුලක් ඇති බවද හෙළිව තිබේ.

මෙම පුද්ගලයා ඔවුන් සමග සිට ඇත්තේ කැමැත්තෙන් බවට ද මේ වන විට සැකයක් මතුව ඇත.

කෙසේවුවද, අදාළ තැනැත්තා තමාට පහර දී ඔවුන් සමග කැමැත්තෙන් සිටින බවට ලියුමක් ලියා ගත් බවත්, එය පොලීසියේ උපදෙස් මත සිදු කළ බව පහර දෙමින් තමාට පැවසූ බවත්ය.

දිනුම් ඇදුනු මුදල ආරක්ෂා කර ගැනීම සඳහා වෙනත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවද ඔහු සඳහන් කර සිටියි.

පොලිසිය මේ පිළිබඳ සොයා බැලීමේදී එම මුදල් ලබාගත් පුද්ගලයා ජපානයට ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

ජූලි මස 27 දින දඹුල්ලේ දී පැහැරගෙන රත්මල්කඩුව ප්‍රදේශයට රැගෙන ගොස් දින 6 ක් ප්‍රධාන සැකකරුගේ නිවසේත් ඉතිරි දින කිහිපය ඔහුගේ මස්සිනා ගේ නිවසේත් මොහු තබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා වැඩිදුරටත් පවසන්නේ කුරුණෑගල  කෙනෙකු සමග තමා ගනුදෙනු සිදුකර ඇති බවත් ඔහුද මෙම ස්ථානයට පැමිණ රුපියල් කෝටි තුනක් ගත් බවට වැඩි මුදලක් දමා තමා ගෙන් ලියුමක් ගත් බවත්ය.

මෙම සැකකරුවන් ද  තමන් ඔවුන්ට  ලක්ෂ 90ක් ණය වී ඇති  බවට තමාගෙන් ලියුම් ගත් බව ඔහු කීවේය.

මෙම පැහැර ගැනීම පිළිබඳව ගැටළු සහගත තැන් රැසක් ඇති බව ගම්පොල පොලිසිය පවසයි.

ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved