Connect with us

පුවත්

ගම්මන්පිලට මාලිමාවෙන් උත්තරයක්

Published

on

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණවල විභාගවන නඩුවල ප්‍රධාන සාක්ෂිකරුවන් වී සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගේ විශ්වසනීයත්වය බිඳහෙළීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා උත්සාහ දරන බව ජාතික ජන බලවේගය පවසයි.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් ඊයේ (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා සිදුකළ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ නීතිඥ සාමුහිකයේ විධායක සභික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ඒ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා,

“ගම්මන්පිල මහත්මයා ප්‍රකාශකරනවා විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ ද අල්විස් වාර්තාවේ සඳහන් වෙනවා කියලා නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට සහ ශානි අබේසේකර මහතාට අපරාධ චෝදනා ඉදිරිපත්කළ යුතු බවට. බුද්ධි අංශ තොරතුරු ටොප් සීක්‍රට් කියන ටැග් එකත් එක්ක අප්‍රේල් 09 වනදා රවී සෙනෙවිරත්න මහත්තයාගේ නමින් එවලා තියෙන්න. එතුමා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අප්‍රේල් 13 වනදා. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන්  විමර්ශනය කරන්න භාරදෙනවා ප්‍රතිත්‍රස්ත ඒකකයේ අධ්‍යක්ෂවරයාට සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට. නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක ඒකකයට. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, විශේෂ කාර්ය බළකායේ කමඩාන්ට්වරයාට ලිපියේ සඳහන් වෙනවා මේ කාරණය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විමර්ශනයන් පටන් අරගෙන ක්‍රියාත්මක වෙමින් පවතින බව. එතකොට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස්පතිවරයාගේ විධානයක් තිබිලා නැහැ.  ඊළඟට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය ගත්තොත් එහෙම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන්නේ අපරාධයෙන් පසු විමර්ශනය. එහෙම නැතුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හැකියාවක් නැහැ නිලධාරීන් යොදවා මාර්ග බාධක දාන්න, ශරීර පරික්ෂා කරන්න. එතකොට රවී සෙනෙවිරත්නටත් ශානී අබේසේකරටත් කිසිම ආකාරයකින් වගකීමක් එන්න විදිහක් නැහැ මේ කාරණය සම්බන්ධයෙන් නීතිවිරෝධී නොකර හැරීමක් කරා කියන්නේ. ගම්මන්පිල මහත්තයා කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු සහ ඉතා විශාල ප්‍රමාණයක් අධිකරණවල විභාග වෙනමින් පවතිනවා. ඒ නඩුවල ප්‍රධාන සාක්ෂිකාරයෝ දෙන්නෙක් තමයි රවී සෙනෙවිරත්න මහතාත් සහ ශානි අබේසේකර මහතාත්. ශානි අබේසේකරයි, රවී සෙනෙවිරත්නගෙයි විශ්වාසනීයත්වය බිඳහෙළීමක් තමයි මේ වැඩෙන් සිදුකරලා තියෙන්නේ. මේ නඩු සියල්ලටම අන්තරාකාරී ලෙස බලපාන්න පුළුවන්. නඩුවේ ඉන්න ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ විශ්වසනීයත්වය බිඳෙන ආකාරයට කටයුතු කිරීම නිසා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ඉදිරියට පැමිණිය යුතු තවත් බොහෝ දෙනෙක් ගැලවිලා යන්න පුළුවන්.”

මේ අතර අද පැවති මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ශානි අබේසේකර පාස්කු ප්‍රහාරයේ බුද්ධි වාර්තා සම්බන්ධයෙන් නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව පෙන්වා දුන්නේය.

එබැවින් ඔවුන්ට අපරාධ චෝදනා යටතේ නඩු ගොනු කිරීමට නිර්දේශ වී ඇතැයි අනාවරණය කළේය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved