Connect with us

පුවත්

ගල්කිස්සේ PC ඩුබායි පැන්නුවේ බඩෝවිට අසංක!

Published

on

සිය රාජකාරි ගිනි අවිය (ටී 56) අස්ථානගත කරමින් රටින් පලාගිය ගල්කිස්ස පොලිසියේ සේවයේ නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඩුබායි හි රැඳී සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන බඩෝවිට අසංකගේ රැකවරණය ලබාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබේ.

මෑත කාලයේදී ගල්කිස්ස සහ කොහුවල ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීම් සිද්ධිවලට බඩෝවිට අසංක සම්බන්ධ බව පැවසේ.

මෙසේ රටින් පලාගිය පොලිස් කොස්තාපල්වරයාගේ මිතුරාවන පොලිස් කොස්තාපල්වරයෙකු ද ගල්කිස්ස පොලීසිය විසින් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබුණි. 

ගිනි අවිය රැගෙන පලායෑමට මෙම කොස්තාපල්වරයා ආධාර හා අනුබලදී කුමන්ත්‍රණය කර ඇතැයි පොලීසිය සැකකරයි. 

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාද ගල්කිස්ස පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින්නෙකි. 

ඔහුව රැඳවුම් නියෝගයකින් රඳවාගෙන විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

මේ හැරුණු කොට පලාගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ පියා ගල්කිස්සෙන් අනුරාධපුර මහවිලච්චියට ගිය පොලිස් කණ්ඩායමක් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන ඇත. 

ඔවුන් දෙදෙනාව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 

සිය පොලිස් පුතා රටින් පලා යන බව ඔවුන් දෙදෙනා දැන සිටියේ දැයි විමර්ශනයට ලක්වන බවද එම නිලධාරියා කීය.

රටින් පලාගිය සැකකාර ආධුනික පොලිස් කොස්තාපල් පරිහරණය කරන ලද යතුරුපැදිය, ඔහුගේ නිල ඇඳුම තනිකඩ භට නිවාසය තුළ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

කොස්තාපල්වරයා රටින් පලායන්නේ පසුගිය 08 වැනිදා රාත්‍රී කාලයේදීය. 

මෙතෙක් ගිනි අවියට සිදුවූ දෙයක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. 

ඔහු සිය පෙම්වතිය වන රාත්‍රී සමාජ ශාලාවක සේවයේ නිරතව සිටින විවාහක කාන්තාවක්ද එදින රාත්‍රී කාලයේ හමුවී ඇත. 

අත්තිඩියේ කුලී නි‍ෙවසක රැඳී සිටින එම කාන්තාවගේ නිවස ඉදිරිපිට යතුරුපැදිය තබා ඔහු කුලී මෝටර් රථයක නැඟී ගුවන්තොටුපොළට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

එම යතුරුපැදිය පොලිස් බැරක්කය වෙත රැගෙනවිත් ඇත්තේ පෙරේදා (10) අත්අඩංගුවටගත් කොස්තාපල්වරයාය. 

ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ එම යතුරුපැදිය පොලිස් බැරක්කයට ගෙන එන ලෙස පලාගිය කොස්තාපල්වරයා පැවසූ බව සැකාකර කොස්තාපල්වරයා පවසා තිබේ. 

දුරකතන ජාල විමර්ශනයකදී හෙළිවී ඇත්තේ මෙම කොස්තාපල්වරු දෙදෙනා අතර එදින අසාමාන්‍ය ලෙස දුරකතන ඇමතුම් හුවමාරුවී ඇති බවය.

ඩුබායි රාජ්‍යයට පලාගිය කොස්තාපල්වරයා පාතාල සාමාජිකයකු සහ මත්ද්‍රව්‍යජාවාරම්කරුවකු වන ‘අයි ඩී’ නමැති ජාවාරම්කරු සහ ඔහුගේ සමීපතමයන් සමග whatsApp තාක්ෂණය ඔස්සේ සබඳතා පවත්වා ඇතැයි ද අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

ඩුබායි රාජ්‍යයට පලාගිය කොස්තාපල්වරයා මෝටර් රථයක් පවා මිලදීගෙන ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ වන විට ඔහුගේ හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කර දුරකතන දත්ත වාර්තා ලබා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින අතර මේ වන විට එක් සමාගමකින් පමණක් එම වාර්තා ලැබී ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් අනාවරණය කර ඇත. 

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved