Connect with us

පුවත්

ග්‍රාම නිලධාරීන්ගේ කළු විරෝධතා සතිය ඇරඹේ

Published

on

අද (12) සහ හෙට (13) සියලු රාජකාරී වලින් ඉවත්ව දීපව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ග්‍රාම නිලධාරීන්ගේ අදහස් විමසීමකින් තොරව ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට විරෝධය පළකරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා බව එහි සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේය.

දිවයිනේ සියලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ග්‍රාම නිලධාරීන් අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටට කැඳවා විරෝධතාවක නිරතවන බව ද ඔහු පැවසීය.

එම සතිය තුළ දිවයින පුරා ඇති සෑම ග්‍රාම නිලධාරී කාර්යාලයක් ඉදිරිපිටම කළුකොඩි ප්‍රදර්ශනය කරන බවද නන්දන රණසිංහ මහතා විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved