Connect with us

පුවත්

ගායක සමන්ද සිල්වා කාලා බිල නොගෙවා හෝටලයක් කැඩුවයි චෝදනාවක්

Published

on

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ආපනශාලාවක බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් හටගෙන ඇතැයි අද දෙරණ වාර්තා කර තිබේ.

පානදුර ප්‍රදේශයෙන් සිදුවීම වාර්තාවන අතර ආපනශාලා සේවකයන් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ද පැවසේ.

පානදුර ප්‍රදේශයේ ආපන ශාලාවකට ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ඊයේ (01) රාත්‍රියේ පැමිණ එහි ආහාර ගෙන තිබුණි.

එම ආහාර සඳහා ඔවුන්ගේ බිල රුපියල් 1,650 ක් බවද පැවසේ.

එහිදී සමන් ද සිල්වා මහතා සහ ආපන ශාලාවේ සේවකයන් පිරිසක් අතර උණුසුම් වචන හුවමාරුවක් වූ බවත් ඉන් පසු බිල නොගෙවා පිටව යාමට ඔහු ඇතුළු පිරිස උත්සාහ කර ඇති බවත් වාර්තා වේ.

එම අවස්ථාවේදී බිල ගෙවීම ප්‍රතික්ෂේප කළ සමන් ද සිල්වා මහතා ආවේගශිලීව හැසිරී ඇතැයි පැවසේ.

සිද්ධියෙන් ආපන ශාලාවේ සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එහි භාණ්ඩවලට හානි සිදුව තිබුණි.

මෙම සිද්ධියට මුහුණ පෑ එම ආපනශාලාවේ මුදල් අයකැමිවරයා සහ වේටර්වරයා පානදුර දකුණ පොලිසීයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට සමන් ද සිල්වා මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප ශ්‍රී ලංකා මිරර් උත්සාහ කළ ද ඒය ව්‍යර්ථ විය.

පුවත්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

Published

on

By



මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

කිසියම් වාහනයකට දඩ අයකිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ගැනීමේ අවසන් දිනය නොවැම්බර් මස 13 සහ 14 වන අවස්ථාවලදී මැතිවරණය අවසන්ව රාජකාරී ආරම්භ කරන පළමු දිනයේදීම දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර නිකුත් කරන බවද කාර්යාලය එම වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවලත් ප්‍රචාරණ කටයුතු බැහැ

Published

on

By

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

නොවැම්බර් 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්වී නිහඬ කාලය ආරම්භ වන බව ඔහු සඳහන් කලේය.

(08) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ එම කාලය තුළ කිසිඳු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස අපේක්ෂකයින් සහ අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කලේය.

නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකරන ප්‍රචාරණ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Continue Reading

පුවත්

CIDයට ප්‍රකාශයක් දෙන්නැයි තාඹුගලට නියෝගයක්

Published

on

By



ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබේ.

මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් විභාග කෙරෙන නඩුවකට අදාළව එම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ ඉදිරි දිනයකදී විරංජිත් තාඹුගල මහතාට අදාළ ඒකකය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දීමට නියමිත බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved