Connect with us

පුවත්

ගාල්ලේ පාසැල් 200කට ස්මාර්ට් පන්තිකාමර දෙන ව්‍යාපෘතිය කඩිනම් කරන්න පියවර

Published

on

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200 කට විෂයමාලා මෘදුකාංග සහිත නවීණ පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු සහිත ස්මාර්ට් පන්තිකාමර ලබා දීමේ ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් – ගෝපාල් බාග්ලේ මහතා හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් – එම්.එන්.රණසිංහ යන මහත්වරු රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට පැමිණ තිබේ.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් යන මහත්වරු ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහූ ද සහභාගී වූහ.

අඩු වරප්‍රසාද සහිත ප්‍රදේශවල පිහිටි පාසල්වල අධ්‍යාපනය ලබන සිසුසිසුවියන් ගේ ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කිරීම අරමුණු කරමින් ඉන්දීය රජයේ ආධාර හරහා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුකරන එක් ප්‍රධාන ව්‍යාපෘතියක් බව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved