Connect with us

පුවත්

ගාල්ල බන්ධනාගාරයේ සෞඛ්‍යමය හදිසි තත්ත්වයක්! (Update)

Published

on

ගාල්ල බන්ධනාගාරයේ පැතිරයන මෙනින්කොකොකල් රෝගය හේතුවෙන් බන්ධනාගාරය තුළ සෞඛ්‍යමය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාම සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව නැවැත්වීමට තීරණය කර ඇති අතර අත්‍යාවශ්‍යම අවස්ථාවක දී සූම් ක්‍රමයට නඩු කටයුතු සඳහා සම්න්බන්ධ කිරීමට ද තීරණය ගෙන ඇත. 

බන්ධනාගාරයේ මෙම රෝගය පැතිරයාම හේතුවෙන් රැඳවියන්ට සහ කාර්ය මණ්ඩලයට ප්‍රතිකාර කිරීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් බන්ධනාගාරයට පැමිණ ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක – චන්දන ඒකනායක මහතා පවසයි.

මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 16 දෙනකු රෝගී වී ඇති බවත්, ඉන් 09 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, බන්ධනාගාර රෝහලේ සත්දෙනකු ප්‍රතිකාර ලබන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.


(පෙර පුවත 2023 අගෝස්තු 23, ප.ව.05:11)

ගාල්ල රැඳවියන් ලෙඩ වෙන්න හේතුව මෙනින්ගොකොකල් තමයි!

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් මරණයට පත්වීම හා අසනීප වීමට හේතුව මෙනින්ගොකොකල් (Meningococcal) බැක්ටීරියාව බව මූලික පරීක්ෂණවලදී යම්තාක් දුරකට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ වන විට ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර යන කුෂ්ඨ රෝගයක් සමග උණ රෝග තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 9 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මියගිය රැඳවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (21) දිනයේ සිදුකෙරුණු අතර එහිදී වෛද්‍යවරුන් විසින් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

ඒ අනුව ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව සඳහන්ය.

මෙම බැක්ටීරියාව දරුවන්ට වඩාත් හානිකර වන අතර, මත්ද්‍රව්‍ය භාවිත‍ය හේතුවෙන් සෞඛය තත්වය දුර්වල වූ පුද්ගලයන්ට ද මෙය මාරාන්තික බව වෛද්‍යවරුන්ගේ මතයයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා ඇත.

“මේ වනවිට මෙය රෝගී තත්ත්වය මෙනින්ගොකොකල් නැමති බැක්ටීරියාව නිසා ඇති වූ ආසාදනයක් බවට යම්තාක් දුරකට සොයාගෙන තිබෙනවා. තවදුරටත් එයට අදාළව මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. ඊට අමතරව අපි මේ ගැන සොයා බලනවා මෙම බැක්ටීරියාව බන්ධනාගාරය තුළට ගියේ කොහොමද කියන කාරණය. ඒ පිළිබඳ සොයා බැලීමේ දී අපිට සැකයක් මතුවෙලා තියෙනවා බන්ධනාගාරයේ රැඳවියෙකු වශයෙන් ඉඳලා එයින් නිදහස් වෙලා ගියපු පුද්ගලයෙක් ඊට සතියකට විතර පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කරලා මියගිහින් තියෙනවා. අවුරුදු 24ක විතර තරුණ අයෙක්. සැකයක් පවතිනවා මේ පුද්ගලයා ද ප්‍රාථමික මුලාශ්‍රය කියලා, මේ විෂබීජය ඇතුළට ගියේ කියන කාරණය ගැන පොඩි සැකයක් තියෙනවා. ඒ වගේම එම පුද්ගලයාගේ නිවසේ අයත් පරීක්ෂා කරලා බලනවා. ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම්දීලා තියෙනවා. ක්ෂුද්‍රජීවක වෛද්‍යතුමිය හා විශේෂඥ කණ්ඩායම විසින් උපදෙස් ලබාදීලා තියෙනවා බන්ධනාගාර තුළ සිටින සියලු රැඳවියන්ට හා කාර්ය මණ්ඩලයට ප්‍රතිජීවක එන්නත් ලබාදෙන්න කියලා.”

බැක්ටීරියාව ව්‍යාප්ත වීම පාලනය කිරීම පිළිබදව ද වෛද්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය :

“අපි පුළුවන් තරම් උත්සාහ ගන්නවා මේ බැක්ටීරියාව සමාජය තුළට යෑම වළක්වා ගැනීම සඳහා. මෙම බැක්ටීරියාව වරින් වර විදේශ ගතවු පුද්ගලයින් හරහා ඒමට හැකියාවක් තියෙනවා. සමහර රටවල්වලින් ඉතා විශාල වශයෙන් ජනතාව ගැවසෙන ස්ථානවලින් මේක ඇති වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය පහසුකම් අඩු බන්ධනාගාර වගේ තැන්වලත් ඇති වීමේ හැකියාවක් තියෙනවා. විශ්වවිද්‍යාලවල පවා සිසුන් එකට ඒකරාශි වෙලා ගැවසීම නිසා මේ වගේ තත්ත්වයන් ඇතිවිය හැකියි. නමුත් මේක අපේ රටේ බහුල තත්ත්වයක් නෙමෙයි. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙය ව්‍යාප්ත වීම වැළැක්වීමට කටයුතු අරන් තියෙනවා කියලා කියන්න ඕනේ.”

(මූලාශ්‍රය :  අද දෙරණ)

සබැදි පුවත්  :

ගාල්ල බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු මරුට ; හේතුව මාරාන්තික බැක්ටීරියාවක්?

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

පුවත්

කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

2018 අංක 9 දරණ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ, 12 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved