Connect with us

පුවත්

ගිනිඅවි භාරදෙන්නැයි නිකුත්කළ නිවේදනයට එරෙහිව අධිකරණයට පෙත්සමක් 

Published

on

ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච්.ඩී. නවින්තක ද සිල්වා මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.

නීතිඥ සනත් විජයවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ 2012 හෝ 2013 වසරවල තමන්ට එල්ල වූ බරපතළ තර්ජන හේතුවෙන්  ආරක්ෂක අමාත්‍යංශය වෙතින් බලපත්‍රයක් යටතේ ගිනි අවි ලබාගත් බවයි. 

අරගලය පැවති සමයේ සිය හෝටල්වලට අලාභ හානි සිදුකළ බවත් ඒ තුළින් තමන්ට විශාල පාඩුවක් සිදුවූ බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබුණි.

මෙම වාතාවරණය තුළ  බලපත්‍රය යටතේ නිකුත් කර තිබෙන ගිනි අවි ආපසු භාර දෙන ලෙස ඉකුත් 07 වනදා ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බව තමන්ට දැනගන්නට ලැබුණු බව පෙත්සම්කරු සඳහන් කරයි.

මෙම තීරණය හේතුවෙන් ව්‍යාපාරිකයෙකු වශයෙන් තමන්ට දැඩි තර්ජනකාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු  මෙම තීරණයට එරෙහිව  අභියාචනයක් ඉදිරිපත් කළත් සෙතක් නොවූ බවත් සඳහන් කර තිබේ.

ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන අදාළ නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ නිවේදනය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ‍යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.11.30 )

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අධිවේගයේ යන සැමට ආසන පටි අනිවාර්ය වේ

Published

on

By

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ටආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර  සැප්තැම්බර් 01 වන දින සිටඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද (01)  සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved