Connect with us

පුවත්

ගුවන් ගමන් ප්‍රමාදයට නියමු සංසදය උත්තර දෙයි

Published

on

පසුගිය කාලයේ ගුවන් ගමන් ප්‍රමාද වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමු සංසදය, නිවේදනයක් නිකුත් කර තිබේ.

ඇති වූ බරපතළ ගැටලු, ගුවන් සමාගමේ කළමනාකාරිත්වය විසින් විසඳා නොගැනීම, මේ තත්ත්වයට හේතුව බව එහි සඳහන් ය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරියෙකු රෝගාතුර වීමත් සමග ගුවන් යානයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ බවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා චෝදනා කළේ ය.

එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ගුවන් නියමු සංසදය, මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයට නම් කරන ලද ගුවන් ගමන් සඳහා සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියා කිරීමට නම් අවම වශයෙන් නියමුවන් 330ක් අවශ්‍ය බව එහි සඳහන් ය.

එහෙත්, 2022 වසරේ සිට ගුවන් නියමුවන් 70කට අධික සංඛ්‍යාවක් සේවයෙන් ඉල්ලා අස්වී ඇති බවත්, තවත් අය ඉල්ලා අස්වීම් අපේක්ෂාවෙන් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.  

නියමිත වේලාවට වඩා පැය 12කට පසුව පිටත් වූ ගුවන් යානයකට අනුයුක්ත කිරීමට සූදානම්ව සිටි ගුවන් නියමුවෙකු නොමැති වීම නිසා, මෙම ගැටලුවේ බරපතලකම පසුගියදා දැකගත හැකි වූ බවද සංසදය මේ නිවේදනයේ සඳහන් කර තිබේ.

කළමනාකාරීත්වයේ අත්තනෝමතික සහ නොසැලකිලිමත් තීරණ හේතුවෙන්,  ගුවන් නියමුවන්, 330ක් සිටිය යුතු තැන  දැනට සිටින්නේ 250ක් පමණක් බවද මෙහි සඳහන් ය.  

නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන් නියමුවන්ට, ශ්‍රී ලංකා මහ බැංකුවේ අමෙරිකානු ඩොලර් හුවමාරු අගයට වඩා 40%කින් අඩු අගයකට සමාන වැටුපක් ගෙවන බවයි.

ගුවන් ගමන් සම්බන්ධයෙන් මෑත කාලීනව ගැටලු පැන නැගෙන්නේ ගුවන් නියමුවත් සම්බන්ධ ගැටළුවලට කළමනාකාරිත්වය නිසි අවදානයක් යොමු නොකිරීම නිසා බව නිවේදනයේ දැක්වෙයි.

නියමුවන් ඉල්ලා සිටියේ මෙම කරුණු පිළිබඳව ගුවන් සමාගමේ සියලුම පාර්ශ්වකරුවන් අවධානය යොමු කළ යුතු අතර, ඉදිරිපත් කර ඇති ගැටලු විසඳීමට පියවර ගත යුතු බවයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved