Connect with us

පුවත්

ගුවන් ගමන් ප්‍රමාදය සැලසුමක්දැයි හොයන්න කමිටුවක්

Published

on

ගුවන් ගමන් ප්‍රමාද කිරීම මගින් ගොඩනැගෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට නිර්දේශ කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ (04) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

තවද, විවිධ අභියෝග පසුකරමින්, ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුවද මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන කාලසීමාවක ගුවන් යානා ප්‍රමාද වීම ගැටලුවක් බව මෙම කාරක සභාවේදී සාකච්ඡාවට ලක් විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ වෘත්තීය සමිති රාශියක් තිබෙන බවත්, විවිධ වෘත්තීය සමිති විසින් විවිධ ඉල්ලීම් හේතු කොට ගෙන සිය කාර්යභාරය නිවැරදි කාලසීමාව ඇතුළත ඉටු නොකරන බවයි. මේ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.

මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් ගුවන් යානා ප්‍රමාදය සහ අනපේක්ෂිත ලෙස ගුවන්ගමන් අවලංගු වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

මේ අනුව පවතින ප්‍රශ්න විසඳගැනීමට සියලු පාර්ශවයන් කටයුතු කළ යුතු බවත්, එය රටට හෝ රටේ ආර්ථිකයට බලපාන මට්ටම දක්වා වර්ධනය වන ලෙස කටයුතු නොකළ යුතු බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

තවද, සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමද මෙහිදී සිදු වූ අතර එයට ආංශික අධීක්ෂණ කාරක සභාවේ එකඟත්වය හිමි විය.

මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජිකයන වන, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක, උදයකාන්ත ගුණතිලක මහතා යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

පුවත්

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Published

on

By

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවය.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Continue Reading

පුවත්

ඉන්ධන හිඟයක් නැහැ

Published

on

By

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස 2 කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වනවිට සහතික කර ඇති බවය.

“ජනතාවට කියන්න ඕනේ කිසිදු ගැටලුවක් නැතුව තව මාස දෙකකට අවශ්‍ය තෙල් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ ඇනවුම් සහතික වෙලා තියෙනවා. මේ රටේ කිසිම හේතුවක් නිසා තව මාස දෙකක් වෙනතුරු කිසිදු තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ගැටලුව තියෙන්නේ අපිට තෙල් ලැබෙන්නේ මොන මොන තැන්වලින් ද කියලා. එතකොට යුද්ධයේ බලපෑමක් තියෙනවාද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ.”

පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධී ලෙස ඉන්ධන සංචිත රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ඩී. ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපි ළඟ තියෙන වාර්තා අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුද්ධය තියෙන කලාපයෙන් නෙමෙයි. එම තෙල් අපිට එන්නේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාවේ සිකාවලින්. එකම එකක් තිබුණා ඕමාන්වලින් ආනයනය කළා. ඒකත් හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැම්මත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි එකේ සැපයුම්කරුවන්ට කතා කරලා ඒක සම්පූර්ණ තහවුරු කරන්න ඉන්නේ. ඩීසල් ගත්තා සම්පුර්ණ එහෙමයි යුදමය කලාපයෙන් නෙමෙයි අවසන් නිමැයුම් හැටියට අපිට ලැබෙන්නේ.”

Continue Reading

පුවත්

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට

Published

on

By

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අසාධාරණ ලෙස බස් රථයක් යෙදවීමට විරෝධය දක්වමින්ය.

වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටින මගීන් වෙනුවෙන්  ලංගම බස් රථ යෙදීමට කටයුතු කර  තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved