Connect with us

පුවත්

ගුවන් තොටේ වෘත්තීය සමිතියක කාරක සභිකයන් 28ක් එකවර අනිවාර්ය නිවාඩු යවලා

Published

on

ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත කටුනායක ගුවන්තොටුපළේ සේවකයින් 28 දෙනකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තා වේ.

මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ‘ස්වාධීන ඒකාබද්ධ සේවක එකමුතුව’ වෘත්තිය සමිතියේ කාරක සභික සේවකයින්ය.

ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා කියා සිටින්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවට ගුවන් සමාගම් වෙත ලිපි මගින් දැනුම් දී මෙරට ගුවන් කටයුතු අඩාළ කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් එම සේවක පිරිසට එරෙහිව මෙම පියවර ගත් බවයි. 

එමෙන්ම මොවුන් සියලුදෙනා වහාම ගුවන්තොටුපළ පරිශ්‍රයෙන් ඉවත් විය යුතු බවත්, නැවත දැනුම්දෙන තුරු ගුවන්තොටුපළට ඇතුළුවීම තහනම් බවත් සභාපතිවරයා ලිපියක් මගින් ඔවුන්ට දන්වා තිබේ.

මේ අතර අනිවාර්ය නිවාඩු යැවූ සේවකයන් චෝදනා කරන්නේ ගුවන්තොටුපළ පාලනාධිකාරිය මෙම තීරණයට එළැඹීමට ප්‍රධාන හේතුව ප්‍රධාන දේශපාලන බල අධිකාරිවලින් මෙහෙයවනු ලබන අනෙකුත් වෘත්තිය සමිතිවල උසිගැන්වීම් බවයි.

පසුගිය මාස කිහිපයේදී තම වෘත්තිය සමිතිය සේවක වැටුප් වැඩිකිරීම ඇතුළු තවත් සේවක අයිතීන් වෙනුවෙන් හඬනැගූ බවත්, එමගින් ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් වෘත්තිය සමිති අතහැර සේවකයන් මෙම ස්වාධීන ඒකාබද්ධ සේවක එකමුතුවේ සාමාජිකත්වය ලබාගත් බවත් ඔවුහු සඳහන් කළහ.

පුවත්

සජබේ “බස් ජගත්” නාරංබැද්දගේ ටැග් ලයින්එක උස්සලා (වීඩියෝ)

Published

on

By

මෙවර සමගි ජන සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින ජගත් විතාන නොහොත් “බස් ජගත්” එම සන්ධානයේම එම දිස්ත්‍රික්කයටම තරගවඳින මාධ්‍යවේදී ධනංජය නාරංබැද්දගේ ටැග්ලයින්එක සොරා ගෙන ඇතැයි වාර්තා වේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් ධනංජය අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ කියා සිටියේය.

කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන ප්‍රවීනයින් කියා සිටින්නේ එය ඉතා පහත් වැඩක් බවයි.

Continue Reading

පුවත්

හදිසි ආපදා තත්ත්වයකට ගුවන් හමුදාව සූදානම්

Published

on

By

අයහපත් කලගුණය නිසා ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර තැබීමට ගුවන් හමුදාව පියවරගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඇතිවිය හැකි ආපදා පිළිබඳ නිරතුරු ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා නිරීක්ෂණ ගුවන් යානා මෙන්ම ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසීමට හා මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා තුනක් ස්ථානගත කර ඇති බවද පැවසේ.

ඉන් ‘Bell- 412’ වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේද, ‘Bell- 212’ වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සහ පලාලි ගුවන් හමුදා කඳවුරේද ස්ථානගත කළ බව ගුවන් හමුදාව පවසයි.

එමෙන්ම මුදවාගැනීම් සඳහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස්ද එම කඳවුරු තුළ සුදානම් කර ඇත.

Continue Reading

පුවත්

කැළණි ගඟ දෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි

Published

on

By

කැළණි ගඟ දෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved