Connect with us

පුවත්

“ගෘහ පාලිකාවන්ට දෙන අනිවාර්ය පුහුණුව ජාවාරම්කාර ඒජන්සි මගහරින්න හදනවා” 

Published

on

ගෘහ පාලිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයිට දින 28ක පුහුණුව අනිවාර්ය කර ඇතත් ඇතැම් ජාවාරම්කාර ඒජන්සි එම පුහුණුව මඟ හැර ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමට උත්සාහ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා පුහුණුව හා ගෘහ පාලිකා රැකියා සඳහා වන පුහුණුව ලබාදෙන ස්ජොන්ග් වර්ල්ඩ් සමාගමේ පුහුණු මධ්‍යස්ථානය සහ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මේ බව පැවසීය.‍

මෙසේ දින 28ක පුහුණු කාලසීමාව මඟින් ශ්‍රමිකයන් හට නිසි ආරක්ෂාවක් හා ඉහළ වැටුපක් ලබාදීමට හැකි වන බව ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කීය.

“කොරියාවට රැකියා සඳහා ශ්‍රී ලංකිකයින් යොමු කිරීමට හැකියාව තිබුනේ රාජ්‍ය අංශයට විතරයි. මොකද ඒ රටවල් දෙකක් අතර පැවති ගිවිසුමක් සමඟයි මේ කටයුතු සිදුවුනේ. ඒත් කොරියානු රාජ්‍යත් එක්ක සාකච්චා කරලා වෑද්දුම් ශිල්පීන්, පින්තාරු ශිල්පීන් සහ ග්‍රහින්ඩර්ස්ලා වගේ අයව නාවික කර්මාන්තය සඳහා යොමුකරන්න මම කටයුතු කළා.

දැන් කොරියානු නාවික කර්මාන්තය තුල ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ට විශාල ඉල්ලීමක් තියෙනවා. ඉදිරයේදී ඒ සඳහා තවත් විශාල වශයෙන් අවකාශය සැලසෙන බවට අපි පෙනෙන්නට තියෙනවා.“

“අනිත් ක්ෂේත්‍රය තමයි කොරියාවේ කෘෂි කාර්මාන්ත ක්ෂේත්‍රය. ඒකට ගොඩක් අය නගර සභා සම්බන්ධ කරගෙන ලියුම් අරගෙන ආවා. ඒ්ත් කිසිම කෙනෙකුට සාර්ථකව වැඩටික කරගෙන යන්න අවස්ථාව ලැබුනේ නැහැ. නමුත් අද මෙතන ඉන්න චමිලාට ඒ කටයුත්ත ඉතාම විනිවිදභාවයක් ඇතිව සිදුකරන්න හැකියාව ලැබුනා.“

“අපිට කොරියාවට විතරක් නෙමෙයි රටවල් රාශියකට අදාල පුහුණු වැඩසටහන් ආරම්භ කරන්න කටයුතු කරනවා. එහිදී ඊශ්‍රායලය වගේ රටවල් කෙරෙහිත් අවධානය යොමුකරනවා. එතකොට තමයි අපේ ශ්‍රමිකයින්ට කරදයක් නැතිව රස්සාව කරලා නැවතත් සුරක්ෂිතව මේ රටට එන්න අවස්තාව ලැබෙන්නේ. ඒ වගේම පුහුණුවක් සහිතව ගියාම අපේ ජනතාවට වැඩි පඩියක් ලබා ගන්නත් හැකියාව ලැබෙනවා.“

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved