Connect with us

පුවත්

ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය වෙනුවට බිලියන ගණනක කුලී ගෙවන්නේ ඇයි? COPE විමසයි

Published

on

අධිකාරියට අයත් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය නොකොට රුපියල් බිලියන 2ක පමණ මුදලක් වැය කරමින්, කුලියට වෙනත් ගොඩනැගිල්ලක තවදුරත් රැඳී සිටීමට හේතු කෝප් කාරක සභාව විසින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලැබීය.

අධිකාරියට යාබදව ඉදිකිරීම් ආරම්භ කළ සාප්පු සංකීර්ණ හේතුවෙන් අධිකාරියට අයත් ගොඩනැගිල්ල රැඳී සිටීමට නුසුදුසු තත්ත්වයකට පත් වූ
බවත්,

සිදුව ඇති හානියට වන්දි ලෙස මාසිකව රුපියල් මිලියන 3ක කුලී පදනමක් සහිතව වෙනත් ගොඩනැගිල්ලක් එම සමාගම විසින් අධිකාරියට ගෙවීමට යෝජනා කර තිබුනද, එය ප්‍රතික්ෂේප කරමින් 2021 වසරේ සිට රුපියල් බිලියන 2ක පමණ කුලී මුදලක් වැය කරමින් වෙනත් ගොඩනැගිල්ලක අධිකාරියේ කටයුතු පවත්වා යනු ලබන බවටත් මෙහිදී අනාවරණය විය.

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) මගින් රුපියල් මිලියන 21ක් වැනි මුදලකින් අධිකාරියට අයත් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කළ හැකි බවට තක්සේරු කොට තිබියදී එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියද මග හරිමින්, අදාළ සමාගම විසින් යෝජනා කළ මාසික වන්දි මුදල ද ලබා නොගනිමින්, රු. බිලියන 2ක පමණ මුදල් ප්‍රමාණයක් වැය කිරීම සම්බන්ධයෙන් කෝප් කාරක සභාව සිය අප්‍රසාදය පළ කර සිටියහ.

මේ සියලු මුදල් ජනතා බදු මුදල් බවත්, වගකීමකින් තොර වූ මෙවන් ක්‍රියාකාරකම් ඔස්සේ රජයට විශාල පාඩුවක් සිදුවන බවත් කෝප් කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ  සභාපතිත්වයෙන් 05.03.2025 සහ 27.03.2025 පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පුවත්

අදින් ඇරඹෙන “ප්‍රජා ශක්ති”

Published

on

By

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ,  ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ  සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා එම වැඩපිලිවෙල තුළින් අපේක්ෂා කරන බවයි.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මගින් සිදු කෙරෙන බවයි.

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved