Connect with us

පුවත්

ගෝඨා, මහින්ද හා බැසිල් ආර්ථික අර්බුදයට වගකිවයුතුයි – ශ්‍ර‌ේෂ්ඨාධිකරණය

Published

on

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කර තිබේ.

ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළහ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙම තීන්දුව ලබා දුන්නේය.

පුවත්

පොසොන් උත්සවයට විශේෂ ප්‍රවාහන පහසුකම්

Published

on

By

පොසොන්  සමයේ අනුරාධපුරයට හා මිහින්තලයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ලංගම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ පොසොන් පොහොයට පෙර නිම කිරීමට නොහැකි බැවින් මෙම පියවර ගන්නා බවයි.

හෝමාගම,   පිටිපන පාසල් හන්දියේ සිට සිංහ අරන දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීටර් 800ක දුරක් මාර්ගය සංවර්ධනය කෙරෙන අතර ඒ සදහා වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 13කි.

Continue Reading

පුවත්

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු නිමවීමට තව කල් යයි

Published

on

By

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු එළඹෙන පොසොන් පොහොයට පෙර නිම කිරීමට හැකියාවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ, උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු අගෝස්තු මාසය වනවිට නිමකළ හැකි බවය.

Continue Reading

පුවත්

වතු ගැන ජනපති ගෙනා විශේෂ යෝජනාවට අනුමැතිය

Published

on

By

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින් ගෙවිය යුතු අධිභාර මුදල්වලින් අඩුකළ හැකි උපරිම ප්‍රමාණය අඩුකිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස්දීමට ජනාධිපතිවරයා සිය යෝජනාව මගින් කරුණු ඉදිරිපත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved