ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වූ චන්දන සූරියබණ්ඩාර මහතා මෙහෙයවූ “සිරස ලක්ෂපතී” වැඩසටහන “ඉතිං ආයෙත් පටන්ගමු! අලුත් තැනකින්!” කියමින් දුරකථන අංකයක් සටහන්කර ලියාපදිංචි වන්නයි කරනු ලබන ආයාචනය සඳහා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධයක්ෂ ජනරාල් මහින්ද රූබසිංහ මහතා බරපතල විවේනයක් එල්ල කර තිබේ.
ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ මීට වසර අටකට දහයකට පෙර මේ වැඩසටහනේ මුල් අවස්ථාවේදී තමාද මේ වැඩසටහනට සහභාගිවීමට දුරකථනය ඔස්සේ ලියාපදිංචි වූ බවයි.
කෙසේවුවද, එතෙක් මෙතෙක් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවද ඔහු කියා සිටී.
ඔහු පෙන්වා දෙන්නේ මෙයද මිනිසුන්ගේ මුදල් ගරණ ව්‍යාපාරයක් බවයි.
රූපසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන සම්පූර්ණයෙන් මෙසේය.
මීට අවුරුදු අටකට දහයකට විතර කලින් මේ වැඩසටහන සඳහා 7788 අංකයට කතා කරලා මමත් ලියාපදිංචි වුනා. හැබැයි Chandana Sooriyabandara මට කැඳවීමක් ලැබුණේ නැහැ. එහෙම තියෙද්දි ඇයි මෙහෙම යළි යළිත් මිනිස්සුන්ට රෙජිස්ටර් වෙන්න කියන්නේ.
එදා 7788 නම්බර් එකට කතා කළාම දුරකථන ගාස්තු හැටියට ගානක් කැපෙන බව දැන ගත්තා. ගාන නම් හරියට මතක නෑ. මේ සැරේ මිනිත්තුවකට රුපියල් 5 ක් කැපෙනවලු.
ප්‍රශ්නය මේකයි. මා කතා කළ දවසේ සිට අවුරුද 10 ක් පුරාම සිරස නාලිකාව 7788 ට කතා කරන්න කියමින් ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා. ලංකාවෙන් භාගයකට වඩා ඔය අංකයට කතා කරන්න ඇති.
එහෙම බැලුවොත් මට කිසිදු ප්‍රතිචාරයක් නැත්තේ මේ වැඩසටහන අවුරුදු දහස් ගණනක් ඉස්සරහට කරන්න බලාපොරොත්තුවක් ඇති නිසයි. මගේ පුනරුප්පති අවධියකදි මේ චන්දන අදාළ අංකයට කතා කර ලියාපදිංචි වූ මෝඩ මට එන්න කියලා ආරාධනා කිරීමේ බලාපොරොත්තුක් තියෙනවද දන්නේ නැහැ.
“අළුත් තැනෙකින් ආයෙත් පටන්ගමු” කියලා දැන් සිරස නාලිකාවේ ප්‍රධානී චන්දන සූරියබණ්ඩාර කියන්නේ මට වෙච්ච ඉරණම ලංකාවේ දෙකෝටි විසි ලක්ෂයකටම යළිත් අත්විඳින්න සැලැස්වීමටයි. ඉදිරියේදි සිරස නාලිකාවේ සෑම විටම ඔය අංකයත් එක්ක පූර්ව ප්‍රචාරක පට විකාශය වෙයි. ඔබ සල්ලි කපාගෙන ලියාපදිංචි වෙයි. කෝටියක් දෙනා කතා කළොත් කෝටි 20-30 ක් එකඟතාව අනුව සිරසටත් දුරකථන සමාගමටත් ලැබෙයි.
ඒක ගැටළුවක් නෑ කියමු. ඒත් මිනිස්සුන්ගේ ආසාවට පික් පොකට් ගහන්නේ ඇයි? මේ වැඩසටහනේ ස්වරූපයට අනුව එකී ප්‍රශ්නවලට පිළිතුරු දිය හැක්කේ එක්තරා මට්ටමක දැනුමක් ඇති අය බව හොඳාකාරව දකින්න පුළුවන් දෙයක්. වසරකට 500 දෙනෙකු කැඳවා ගැනීම වෙනුවෙන් ඔවුන් ලක්ෂ ගණනක් රවට්ටනවා. එහෙම රවට්ටන චන්දන වැඩසටහන මෙහෙයවන්නේ හරියට මේ ලෝකේ ඉන්න ඉතා සාධාරණ හා ශිෂ්ටසම්පන්න මිනිහෙක් විදියට.
බ්‍රිතාන්‍යයයේ “Who wants to be a Millionaire” ඔරිජිනල් වෑඩසටහන කරන ITV නාලිකාව කරන්නේ ඔන්ලයින් ප්‍රශ්න 15 කට උත්තර ලබා ගැනීමෙන් තරඟකරුවන් තෝරා ගැනීමයි. කාගෙන්වත් සල්ලි පොකට් ගහන්නේ නෑ. මිනිසුන්ගේ ආසාවන්ට නිගා කරන්නෙත් නෑ.
එමෙන්ම දැන් වැඩසටහන මෙහෙයවන Jeremy Clarkson වගේ කෙනෙක් සිය සීමාවේ සිට ඉතා මනරම්ව වැඩේ කරනවා. මුල් වකවානුවේ ලකී ඩයස් එවැනි ස්වරූපයකින් වැඩසටහන මෙහෙය වූ බව මතකයි.
ලංකාවේ පසුගිය සමයේ මෙම වැඩසටහන සැලසුම් සහගතව හෝ නොමැතිව ජාතිය, ආගම හා වෙනත් කතන්දරවලටත් ගෙන ගොස් සෙන්සේෂනලයිස් කරන හැටිත් දකින්න ලැබුණා. ජයග්‍රාහකයින්ගේ ගම්බිම්වලට ගිහින් බ්‍රේකින් නිව්ස් පවා ගැහුවා.
මිනිස්සු මෝඩයි කියන සිතුවිල්ලෙන් තමයි මේ ආකාරයාට ප්‍රචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මේකේ ඔරිජිනල් ෆෝමැට් එක වගේම බලයලත් අනෙක් රටවල විකාශකයන් “International television game show” සීමාවේ සිට වැඩසටහන කරගෙන යනවා. ලංකාවේ හැමදේම වෙනස් වගේම මේකත් වෙනස්.
මිනිස්සු රවටන්නේ, සූරා කන්නේ වෙළෙන්දන් සහ දේශපාලකයන් විතරක් නොවෙයි.
මහින්ද රුබසිංහ