Connect with us

පුවත්

චන්ද්‍රිකාගේ ස්ථාවරය ප්‍රකාශ කෙරෙයි!

Published

on

Chandrika Bandaranayake Kumarathunga

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා තිබේ.

නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල පරිශ්‍රයේ පළමු මහලේ පිහිටි ශ්‍රවනාගාරයේදී මෙම විශේෂ සාකච්ඡාව  පවත්වා ඇත.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සිය ස්ථාවරය අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරීම සදහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම ක්‍රියාකාරී පාක්ෂික පිරිස කැඳවා ඔවුන් හමුවේ සිය ස්ථාවරය  ප්‍රකාශකර ඇත.

ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙමු යැයි යෝජනා කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා කිසිදු අපේක්ෂකයකුට සහයෝගය ලබා නොදෙන බවද, අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පිරිසට තම තමන්ගේ මනාපය පරිදි කැමති අපේක්ෂකයකුට සහයෝගය දක්වන ලෙසද ඒ පිළබඳව තමාගේ කිසිදු විරෝධතාවයක් හෝ අකමැත්තක් නොමැති බවද පවසා ඇත.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකාවක් බවද පක්ෂයේ අනුසාශකවරිය බවද පවසා තිබේ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved