Connect with us

පුවත්

චන්දිමා පැවරූ නඩුවකට ඥානසාර හිමිට නොතීසියක්

Published

on

බම්බලපිටිය සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක අයිතිය සම්බන්ධයෙන් පැවැති ආරාවුලක කරුණු දැක්වීම සඳහා මේ මස 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ (02) නොතීසි නිකුත් කළේය.

පුද්ගලික පැමිණිල්ලක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන් වන ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්, ගෝල හිමියන් වූ දයා ශීල තෙර හා අදාළ නිවාස සංකීර්ණයේ කමිටු සභාපතිවරයා වන සිල්වෙස්ටර් යන අයට මෙසේ නොතීසි නිකුත් කළේය. 

නීතිඥ සන්ධ්‍යා තල්දූව මහත්මිය විසින් මෙම පුද්ගලික පැමිණිල්ල අධිකරණය හමුවේ ගොනු කළ අතර ඇය විසින් දක්වන ලද කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. 

බම්බලපිටිය ශර්බරි ගාඩ්න්ස් 36/5/1 නිවසේ පදිංචිකාරිය වන ඉනෝකා චන්දිමා සේනානායක මහත්මිය මෙම පෙත්සම ගොනුකර තිබුණි.

අමෙරිකාවේ පදිංචි නැන්දණිය විසින් නීත්‍යනුකූලව පවරා ඇති මෙම දේපළවලට ඇතුළුවීමට ඉඩ නොදී ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තරකරුවන් ක්‍රියා කරන බවට පෙත්සමේ කරුණු සඳහන්ය.

තමන්ට නීත්‍යනුකූලව ලැබී ඇති මෙම දේපළ භුක්ති විඳීමට අවස්ථාව ලබා නොදී බලහත්කාරයෙන් අයිති කර ගැනීමට වගඋත්තරකරුවන් ක්‍රියාකරන බවට ද පෙත්සමේ සඳහන් වේ.

මෙම දේපළ විකුණා චෛත්‍යය ගොඩනැඟීම සඳහා තමන් වෙත දේපළ හිමිකරුවන් පවසා ඇති බවට ඥානසාර හිමියන් විසින් පවසා ඇතැයි ද අධිකරණයෙන් කරුණු වාර්තා වේ.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved