Connect with us

පුවත්

චරිත් වෙනුවෙන් සහාය දෙන බව නීතිඥවරුන් කියයි

Published

on

සබරගමුව සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය පොලීසියට ලබාදුන් ප්‍රකාශ අනුව ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසයි.

අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරුන් පැවසුවේ, මියගිය සිසුවාට සහ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් සාධාරණය ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බවය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා පසුගිය 29 වනදා සියදිවි නසාගෙන තිබුණි.

මානසික පීඩනය හේතුවෙන් තමන් දිවිනසා ගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව චරිත් දිවි නසාගෙන ඇති බවටය.

සිද්ධිය පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (02) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බවත් එහි වාර්තාව ලැබුණු වහාම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බවය.  

චරිත් සමග නවකවධයට ලක්වූ බව කියන සිසුන් 16 දෙනෙකුගෙන් සමනලවැව පොලීසිය ඊයේ ප්‍රකාශ ද සටහන් කරගත්තේ මෙවන් පසුබිමකය.

එම සිසුන් වෙනුවෙන් සහ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥ රචික පළිහවඩන සහ නීතිඥ කල්හාර විජේසිංහ යන නීතීඥවරුන් ඉදිරිපත් වී සිටී.

සබැඳි පුවත්:

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් (UPDATE)

පුවත්

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය තෙක් IMF ණය වාරිකය නොලැබේ

Published

on

By

ජුනි මාසයේදී සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිත මීළඟ විදුලි ගාස්තු සංශෝධනය වන තෙක් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇත.

මේ බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙලේ ආරංචිමාර්ග “දිවයින”ට තහවුරු කළේය.

මෙයට හේතුව වී ඇත්තේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති  පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වීමයි.

මෙය ශ්‍රී ලංකාව පැත්තේ ප්‍රමාදයක් මිස අයිඑම්එෆ් ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය  – දිවයින

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මර්වින් නැවතත් රිමාන්ඩ්

Published

on

By

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්

Published

on

By

ඇප මත මුදා හරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ මහතා විසින් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙනි.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදුකිරීමෙන්,  දූෂණය නමැති වරද සිදුකළේ යැයි ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved