Connect with us

පුවත්

චිකුන්ගුන්‍යා පැතිරෙන ප්‍රදේශ හඳුනාගන්න අපහසුයි-PHI සංගමය

Published

on

චිකුන්ගුන්‍යා බෝවන රෝග ගණයට අයත් නොවන නිසා එම රෝගය පැතිර යන ප්‍රදේශ හඳුනා ගැනීමට සහ නිවාරණ කටයුතු සිදු කිරීමට බාධාවක් වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවක දී ය.

සභාපතිවරයා මෙසේ ද කීවේය.

චිකුන්ගුන්‍යා රෝගීන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බවට අවිධිමත් තොරතුරු තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කීපයක අධික ලෙස රෝගීන් වාර්තා වන බව අපිට නිරීක්ෂණය වෙලා තිෙයනවා. නමුත් චිකුන්ගුන්‍යා කියන්නේ නීරෝධායන ආඥා පනත යටතේ බෝ වන රෝගයක් ලෙස දැනුම් දිය යුතු රෝගයක් නෙමෙයි. කිසියම් බෝ වන රෝගයකින් පෙළෙන රෝගියකු තමන් වෙත පැමිණියහොත් එම අය නිවාරණ අංශ වෙත යොමු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ යුතුයි. නමුත් චිකුන්ගුන්‍යා රෝගීන් සම්බන්ධයෙන් එවන් ක්‍රියාදාමයක් මේ වන තුරු සිදු වෙලා නෑ. ඒ නිසා තමයි නිවාරණ අංශවලට චිකුන්ගුන්‍යා රෝගය පැතිර යාම සම්බන්ධයෙන් නිසි ‍තොරතුරු ලබා ගැනීමට නොහැකි වී තිබෙන්නේ.

කෙසේ වෙතත් මීට දින කීපයකට පෙර වසංගත රෝග විද්‍යා අංශය රෝහල්වලට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා ප්‍රතිකාර සඳහා පැමිණෙන යම් අයකු චිකුන්ගුන්‍යා රෝගියකු ලෙස හඳුනා ගත්තොත් ඒ සම්බන්ධයෙන් නිවාරණ අංශය දැනුවත් කරන ලෙස. නමුත් තවමත් විධීමත් ලෙස තොරතුරු නොලැබීම නිසා කුමන ප්‍රදේශවල චිකුන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙන බවද යන්න සම්බන්ධයෙන් නිගමනයකට එළැඹීමට අපට නොහැකි වී තිබෙනවා.

ඒ කෙසේ වෙතත් විධිමත් ක්‍රමවේදයක් නොමැති වුවත් ඩෙංගු මදුරුවන් පාලනය කිරීම සඳහා භාවිත කරමින් නිවාස පරීක්ෂා කිරීම් සහ මදුරු ඝනත්වය අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු බිම් මට්ටමේ සෞඛ්‍ය නිලධාරීන් මේ වන විට සිදු කරමින් සිටිනවා.

(අරුණ)

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved