Connect with us

පුවත්

චිචීගේ සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ් එකේ ඩොලර් 400කට විදලා!

Published

on

චිචීගේ සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ් එකේ ඩොලර් 400කට විදලා!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍ර රෝහිත රාජපක්ෂ මහතාගේ (චිචී) ණය කාඩ් පතින් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් ඩොලර් 400කට ආසන්න මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නාරාහේන්පිට පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ ඊයේ (09) කරුණු වාර්තා කළේය.

පැමිණීලිකරුට අයත් ණය කාඩ් පතින් අවස්ථා හතරක දී ඩොලර් 387ක් එනම් ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ පන්දහසක මුදලක් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් සොරාගෙන ඇතැයි අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා විසිනි.

නො. 117, විජේරාම මාවත කොළඹ 07 ලිපිනයෙහි පදිංචි රෝහිත චන්දන රාජපක්ෂ යන අය විසින් මෙම පැමිණීල්ල නාරාහෙන්පිට පොලීසියට ඉදිරිපත් කර තිබිණී.

තමන් අංක 184 දූව පාර, බැද්දගාන, කෝට්ටේ ලිපිනයේ නිවසේ සිට ඉකුත් 03 වැනිදා මාතර නිවසට පිටව ගිය බවත්, ඒ අතරතුර තමාට අයත් සම්පත් බැංකුවේ ණය කාඩ් පත වැටී ඇති බවත් පැමිණීලිකරු සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි නාරාහේන්පිට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙය ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව අධිකරණයට කරුණු වාර්තා කළ පොලීසිය අදාළ බැංකු ගිණුම් වාර්තා කැදවීම සදහා සම්පත් බැංකුවේ මූලස්ථාන කළමණාකරු වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලීමක් කළේය.

පුවත්

ඡන්ද ස්ටිකර් ගලවන්න

Published

on

By

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රථවාහනවල අලවා ඇති අපේක්‍ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවා ඉවත් කිරීමට හදිසි පරීක්‍ෂා කිරීම් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පවසයි.

මැතිවරණ කොමිසමේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු රථ වාහනවල අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් වැකි, සලකුණු, ඡායාරුප ඇතුළත් ස්ටිකර් හා කොඩි ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි රැසක් ලැබී ඇත.

එවැනි ක්‍රියාවක් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 74 වගන්තිය යටතේ වරදක් වන බැවින් මෙම නියෝගය ලබා දුන්නේ යැයි මැතිවරණ කොමිසම ඊයේ (සැප්. 9) නිවේදනය කළේ ය

Continue Reading

පුවත්

ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති එළඹෙන හෙට රෑ සිට තහනම්

Published

on

By

5 ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු එළඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම් වෙයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා විභාග මධ්‍යස්ථාන 2849කදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත.

Continue Reading

පුවත්

සජිත්ටයි අනුරටයි රනිල්ගෙන් බරපතළ චෝදනාවක්

Published

on

By

තමා රටේ නායකත්වය භාරගත්තේ වෙනත් අයෙක් නොසිටි නිසා බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනතාව දුකසේ සිටින විට සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ජනතාව වෙනුවෙන් අත් නොඉස්සු බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වික්‍රමසිංහ මහතා පවසන්නේ ඔවුන් දැන් බලය ලබාගැනීමට ඉදිරිපත් වී ඇත්තේ කෑදරකමට බවය.

ඔහු එසේ පැවසුවේ කොස්ගම පැවති ජනහමුවකදී ය.

“අනිත් අය කියන්න මොකක්ද කළේ කියලා. අපිට වේදනාවක් තිබුණා. වේදනාව තිබෙන නිසා ක්‍රියා කළා. ඒ අයට වේදනාව තිබුණේ නැත්ද? ඔබේ දුක දැක්කේ නැත්ද? දරුවෝ පාසල් නොයන එක දැක්කේ නැත්ද? අන්න ඒවාට පිළිතුරු දෙන්න ඕනේ. මම මෙතෙන්ට ආවේ වේදනාව නිසා. මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්නලු. ඒ ගොල්ලන්ව ආරක්ෂා කළා නම් ඒ අය මේ වේදිකාවේ ඉන්න එපැයි. ඒ වෙලාවේ වේදනාව දැකලා ආවේ නැති අය ඇයි දැන් එන්නේ? කෑදරකමට.”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved