Connect with us

පුවත්

චීනයට රිලව් යවනවට පරිසරවේදීන් අකමැති වෙයි! (වීඩියෝ)

Published

on

ශ්‍රී ලංකාවේ සතුන් මසට හෝ විද්‍යාත්මක පර්යේෂණ සඳහා වෙනත් රටවල් වෙත යැවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන විරෝධය පළ කර තිබේ.

ඒ, මෙරට රිළවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් ඊයේ (11) පැවැති සාකච්ඡාවට ප්‍රතිචාර දක්වමිනි.

පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ මෙරට සතුන් විදේශ රටවල් වෙත යැවිය හැක්කේ සංරක්ෂණ වැඩසටහන් හෝ සතුන් හුවමාරු වැඩසටහන් සඳහා පමණක් බවයි.

එමෙන්ම මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමට පෙර විධිමත් සමීක්ෂණයක් සිදුකළ යුතු බව ද පරිසරවේදීන් අවධාරණය කර සිටී.

කෘෂිකර්ම ඇමැති හා සාකච්ඡාවක්
රිලවුන්ගෙන් සිදු වන වගා හානි සඳහා පිළියම් යෙදීමට හා උන්ගේ ගහනය පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට පිටත් කොට හැරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනා කර තිබේ.

අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත්තේ තම රටට එම සතුන් ලබා දෙන්නැයි චීනයෙන් කළ ඉල්ලීමකට අනුව බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවැසීය.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීනයෙන් මෙරටට පැමිණි නියෝජිත පිරිසක් පෙරේදා (11) කෘෂිකර්ම ඇමැතිවරයා හමු වී සාකච්ඡා පවත්වා ඇත.

එම සතුන් එරට සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය කිරීම සඳහා චීන බලධාරීන් මේ ඉල්ලීම සිදු කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවැසීය.

චීන නියෝජිත පිරිස හා කෘෂිකර්ම අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යංශයේ, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හා වනජීවී දෙපාර්තමේන්තුවේ බලධාරීහු පිරිසක්ද එක්වී තිබේ.

පළමු අදියර යටතේ රිළව් ලක්ෂයක් චීනයට ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇත.

කමිටුවකුත් පත් කරන්න යයි
ඒ සඳහා වන නීත්‍යනුකූල ක්‍රියාවලිය සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ද පත් කිරීමට සැලසුම් කොට ඇත.

මෙරට රිළවුන් විදේශීය රටක් සඳහා ලබා දීමේදී පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා පත් කෙරෙන මේ කමිටුව සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව වහාම සැකසීමට ද මෙහිදී තීරණය වී තිබේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සිදු කළ අධ්‍යයනයකට අනුව 2022 වසරේදී ජනවාරි සිට ජුනි දක්වා වසරේ පළමු  මාස හය තුළ වඳුරන්, රිළවුන් හා දඬුලේනුන් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බව අනාවරණය වී තිබේ.

වගා හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත හැකි විකල්ප පියවර සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ විවිධ විසඳුම් යෝජනා ඉදිරිපත් වුව ද ඒ කිසිවක් සාධනීය අයුරින් ක්‍රියාවට නංවා නොමැති බවට ගොවීහු චෝදනා කළහ.

මේ වන විට මෙරට රිළා ගහණය ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් වන අතර, කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රිළා ගහනය අඩුකිරීමට රජය ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ බවයි.

එමෙන්ම වගා හානි කරන සතුන් මරා දැමීම සඳහා තමන්ට ගිනි අවි ලබා දෙන්නැයි ද ගොවීන් පිරිසක් කෘෂිකර්ම ඇමැතිවරයා හමුවේ ඉල්ලීම් කර තිබේ.

(වීඩියෝ : හිරු)

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහරන ලෙසද අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Continue Reading

පුවත්

බදු නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ආදායම 25%කින් පල්ලම් බැහැලා

Published

on

By

2023 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 477 ක මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කෙරුණද, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීමෙන් පසුව ඉකුත් වසරේදී (2024) එක්සත් ජනපද ඩොලර් මිලියන 360 දක්වා අපනයන සියයට 25 ක විශාල පහත වැටීමක් සිදුවූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කටුනායක බණ්ඩා රනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති VAT Refund Counter (වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව) පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලින් පසුව ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදායින් පසුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීම සිදු කෙරුණු බවත්, ඒ අනුව, සංචාරකයන්ට මැණික් හා ස්වර්ණාභරණ විකිණීමේදී, රළු මැණික් ආනයනය කිරීමේදී සියයට 18 ක වැට් බද්දක්ද, රත්තරන් ආනයනය කිරීමේදී සියයට 45.14 ක බදු පනවා ඇති බවත් ඔහු කීවේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පතල් කැණීමේ බලපත්‍ර 8,000 ක පමණ ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බවත්, මෙම පතල්වලින් සියයට 50 ක් පමණ ලාභ ලබන බව උපකල්පනය කළහොත් ඔවුන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කට වඩා වටිනා මැණික් නිෂ්පාදනය කළයුතු බවත් ඔහු පැවැසීය.

මැණික් නිෂ්පාදනය මෙරට නිල අපනයනය බවට පත් කිරීමට හැකි වුවහොත් මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රටේ දෙවැනි විශාලතම අපනයනය වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

මැණික් හා ස්වර්ණාභරණ සඳහා සියයට 18 ක වැට් බදු පැමිණවීමෙන් පසුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සැලකියයුතු ලෙස පහත වැටී ඇති බවත්, ඇතැම් රටවල මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමෙන් පසු වැට් බදු නැවත ඔවුන්ට ගෙවීම ආදී තරගකාරී කටයුතු මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පහත වැටීමට හේතුවී ඇති බවත් ඔහු පැවැසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved