Connect with us

පුවත්

චීනයෙන් ආ පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම ඇරඹේ

Published

on

චීනයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අද (23) ආරම්භ විය.

මේ යටතේ, පළමු රෙදි මීටර මිලියන 03ක ප්‍රමාණය, උතුර, නැගෙනහිර, උතුරු මැද හා ඌව යන පළාත් වල සිටින සිසුසිසුවියන් මිලියන 1.34ක් අතර බෙදාහැරීමට නියමිතය.

පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ නිල ඇඳුම් බෙදාහැරීම සඳහා සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේ දී අද පැවති සමාරම්භක වැඩසටහනට චීන තානාපති – චී ජන්හොං මහතා, අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත මහතා හා රාජ්‍ය අමාත්‍ය – අරවින්ද් කුමාර් මහතා එක්විය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ තවත් පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 06ක් සහිත කන්ටේනර් 44ක් ලබන සතියේදී කොළඹට ළඟාවන බවයි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ මෙවර පාසල් නිල ඇඳුම්වලින් 50%ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමට මුල දී එකඟතාව පළ කර තිබූ චීන රජය, තමන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරු ව කරනු ලැබූ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර දක්වමින් එම ප්‍රදානය 70% දක්වා වැඩි කළ බවයි.

පුවත්

අදින් ඇරඹෙන “ප්‍රජා ශක්ති”

Published

on

By

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ,  ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ  සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා එම වැඩපිලිවෙල තුළින් අපේක්ෂා කරන බවයි.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මගින් සිදු කෙරෙන බවයි.

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved