මෙරටට ඇතුළු වී සයිබර් අපරාධ සිදු කරන යුක්‍රේන, ඉන්දියා සහ බල්ගේරියන් ජාතිකයන්ගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේක්ෂණ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මේ කණ්ඩායමට අයත් බවට සැකකරන යුක්‍රේන ජාතික සයිබර් අපරාධකරුවන් දෙදෙනෙකු මේ වනවිටත් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මේ සයිබර් අපරාධකරුවන් මෙරටට පැමිණීමට පෙර මෙරට බැංකු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ ඉතා සියුම්ව නිරීක්ෂණය කර ඇති බවට ද රහස් පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.
රහස් පොලිසිය මේ පිළිබඳව අධිකරණයට ද මේ වන විට කරුණු වාර්තා කර ඇත.