ප්‍රයිම් රෙසිඩන්සීස් නිසි අනුමැතීන් ලබාගැනීමකින් තොරව කොළඹ ලේක් ඩ්‍රයිව් හි ඇරඹීමට සැලසුම් කර ඇති බව කියන “The Golf – Colombo 08” නිවාස ව්‍යාපෘතියකට ප්‍රදේශයේ පදිංචිකරුවන් විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
කොළඹ 08 ලේක් ඩ්‍රයිව් ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති මේ ව්‍යාපෘතිය මහල් 12කින් සමන්විත බව අදාළ සමාගම සමාජ මාධ්‍ය ඔස්සේ ලබාදී ඇති ප්‍රචාරවල දැක්වේ.
එම ප්‍රචාරයන්ට අනුව අදාළ ඉදිකිරීම නිවාස 64කින් සමන්විත බවත්, නිවසක් වෙන් කර ගැනීමට 25%ක් ගෙවීම ප්‍රමාණවත් බවත් වාර්තා වේ.
“අද දෙරණ” මෙම ව්‍යාපෘතිය දියත් කරන අදාළ නිවාස සමාගමෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු මෙය වසර කිහිපයක් තුළ නිසැක වශයෙන් නීත්‍යානුකූල අන්දමින් ඉදිවන මහල් 12ක නිවාස ව්‍යාපෘතියක් බව සඳහන් කළ බවද දැක්වේ.
කෙසේවෙතත් නාගරික සංවර්ධන අධිකාරිය ලබාදී ඇති තොරතුරුවලට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කොළඹ නගර සභාවේ මලපවාහන ඒකකය ඇතුළු අදාළ ආයතන 7 කින් නිසි අවසරය ලබාගැනීමේ පොරොන්දුව මත පදනම්ව පමණක් මෙම ව්‍යාපෘතිය සිදුකරගෙන යාමේ අවසර ගෙන ඇති බවය.
ඉන් ගම්‍ය වන්නේ කුමන හෝ ගැටලුවක් මත එකී අනුමැතීන් නොලැබුණහොත් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා නොහැකිව අතරමග ඇණහිටිනු ඇති බවයි.
එසේ නම් මෙය දැනටමත් ලැබී නොමැති අනුමැතියක් ලැබේයැයි සිතුවිල්ල මත ගැනුම්කරුවන් ඇපයට තබා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් බව අද දෙරණ කියා සිටී.
එමෙන්ම දැනටමත් කාර්යබහුල මාර්ගයක් වන – මෙම නිවාස ව්‍යාපෘතියේ පිවිසුම් මාර්ගය වන ලේක් ඩ්‍රයිව් මාවත සහ එහි යටිතල පහසුකම් මෙවැනි ව්‍යෘපෘතියක් සඳහා ප්‍රමාණවත්ද යන්න පිළිබඳවත් ගැටලු මතුව තිබේ.
තත්ත්වය මෙසේ තිබියදීත් ප්‍රයිම් රෙසිඩන්සීස් මේ ව්‍යාපෘතිය සඳහා මෙතෙක් කිසිදු ආයතනයකින් අනුමැතිය ඉල්ලා නැතැයි වාර්තා වේ.
නිසි අවසර ලබාගැනීමක් නොමැතිව, ඉදිකිරීම් කටයුතු අවනිශ්චිත තත්ත්වයේ පසුවන මෙවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රචාරණ කටයුතු සිදුකිරීම රටේ ජනතාව මුළා කිරීමක් නොවන්නේ යැයිද ? අද දෙරණ විමසා සිටී.
ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා සභාපති ධූරය දරණ ප්‍රයිම් ගෘෘප් හට අයත් ප්‍රයිම් රෙසිඩන්සීස් විසින් සිය ව්‍යාපෘති සඳහා හඳුන්වා දී තිබෙන 5% නැමැති ගෙවීමේ ක්‍රමයද මේවන වන විට මතහේදයට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
මේ අතර, අදාළ ව්‍යාපෘතියට මේවන විට ලේක් ඩ්‍රයිව් හි පදිංචි කරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග ඇතුළු පිරිසක් අවි අමෝරා ඇතැයි ද වාර්තා වේ.
එසේම රූපවාහිනී ආයතනයක් අයත් සමාගමක අධ්‍යක්ෂ වරියක් ද “The Golf – Colombo 08” හි අවට පදිංචි කාරියක් වීම නිසා ප්‍රේමලාල්ගේ ප්‍රයිම් රෙසිඩන්සීස් හි වගතුගද මේවන විට හෙළිවෙමින් පවතින බව පැවසේ.
අදාළ කාරණාව අද දෙරණ වාර්තා කර තිබූ අයුරු
VIDEO