Connect with us

පුවත්

ඡන්දයට මුදල්දීම අපහසු බව මුදල් ලේකම් මැ.කො.ට කියයි!

Published

on

පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අද (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා සිදුකළ සාකච්ඡාවේදිය.

පසුගියදා නිකුත් කෙරුණු චක්‍රලේඛයක් සමගින් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කිරීමට හැකියාව තිබුණද මැතිවරණ කටයුතු එම චක්‍රලේඛය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර නොමැති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එහිදි පෙන්වා දී තිබේ.

එසේ වුවද අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන ආයතන වෙත මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබාගත යුතු බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා තිබේ.

පුවත්

අඟුණකොලපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් තුනකගේ වැඩ තහනම්

Published

on

By

අඟුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතිය නොමැතිව පිටතට ගත් සිරකරුවන් සිවු දෙනෙක් පැනගිය සිද්ධියකට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පැනගිය 3 දෙනෙකු යලි නිලධාරීන් භාරයට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Continue Reading

පුවත්

චිත්‍රපට රූගතකිරීමක් නිසා උඩරට කෝච්චි මගින් නවතියි

Published

on

By

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට (09) සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොළගේ මහතා නිවේදනය කරයි.

ඇල්ල දුම්රිය  ස්ථානයෙන් සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රියන් සඳහා එම දුම්රිය ස්ථානයන්හි සිට බදුල්ල දක්වා ඉදිරි දුම්රිය ස්ථාන වලට ගමන් කිරීමට බස් රථ යෙදවීමට කටයුතු කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අදාළ සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇතිවන සංචාරක ආකර්ෂණය පිළිබඳ සලකා බලා  රූගත කිරීමට අවසර ලබා දී ඇතැයිද අදාල නිවේදනයේ දැක්වේ.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

Published

on

By

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබුණි.

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 10) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එය දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved