Connect with us

පුවත්

ඡන්ද පෝස්ටර් ගලවන කම්කරුවෙකුට මසකට රු. 47,000ක්

Published

on

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රටපුරා ප්‍රදර්ශනය කර තිබෙන පෝස්ටර්, කටවුට් සහ බැනර් ගැලවීමට පොලීසිය මගින් යොදා ගනු ලබන කම්කරුවෙකුට මසකට රුපියල් 47,050ක මුදලක් ගෙවීමට පියවර ගෙන තිබේ.

කම්කරුවන් බොහෝදෙනෙකු මෙම රාජකාරිය සඳහා පොලීසියෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම සේවයට පොලිස් ස්ථානයකට බඳවා ගත හැක්කේ කම්කරුවන් තිදෙනකු පමණක් බවද සඳහන්ය.

ඒ අනුව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ශ්‍රේණිය අනුව කම්කරුවන් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු බඳවා ගත හැකිය.

රට පුරාම ප්‍රදර්ශනය කෙරෙන පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම මේ වන විටත් සිදුවන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ප්‍රකාශ කලේය.

ඇතැම් පක්ෂ සංවිධායකවරුන් ලක්ෂ ගණන් වැයකර කටවුට් ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා ඉවත්කර ගන්නා ලෙස අදාළ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

සබැඳි පුවත්

පුවත්

හරක් කටාගේ ප්‍රකාශය ගැන විමර්ශන ඇරඹෙයි

Published

on

By

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” විසින් කොළඹ මහාධිකරණ භූමියේදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නැමති සංවිධානාත්මක අපරාධකරු පසුගිය දා (14) කොළඹ මහාධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා රැගෙන ඒමේදී සහ නැවත අධිකරණ භූමියෙන් රැගෙන යාමේදී මාධ්‍ය වෙත ටිරාන් අලස් මහතා සහ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණි.

ඒ, සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන
කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති අතර ඊයේ (15) දින විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව පැමිණි පිරිසක් යාපනයේදී අත්අඩංගුවට

Published

on

By

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 6 දෙනෙකු යාපනය වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල පදිංචි දැරියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙක් සහ යාපනය වැල්වැටිතුරෙයි පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

වැල්වැටිතුරෙයි පදිංචි පුද්ගලයින් දෙදෙනා අදාළ පිරිස රැගෙනඒම සඳහා මෙරට සිට යාත්‍රාවක් රැගෙන ගිය අය ය.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අනෙක් සිව්දෙනා මෙරට සිට නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට ගොස් එහිදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට හසුවී රඳවා සිටි පිරිසක් බවය.

ඔවුන් මෙලෙස යළි මෙරටට ඇතුළුවීමට උත්සාහ ගැනීමේදී යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

Continue Reading

පුවත්

ප්‍රදේශ රැසකට අද තද වැසි

Published

on

By

අද (16) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම මධ්‍යම, නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved