Connect with us

පුවත්

ඡන්ද හිමි නාම ලේඛනයට ඔන්ලයින් ලියාපදිංචියට අවස්ථාව

Published

on

2023 ඡන්ද හිමි නාම ලේඛනයට අන්තර් ජාලය (Online) මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, www.elections.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදුකළ හැකි බවයි.

2023 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කෙරේ.

ඒ සඳහා වන සංගණන පත්‍ර ග්‍රාම නිලධාරීවරුන් වෙත නිකුත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අදාළ සංගණන පත්‍රිකා නිසි පරිදි සම්පූර්ණ කිරීමට සහය වන්නැයි මැතිවරණ කොමිසම සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ප්‍රතිශෝධන කටයුතු ලබන 16 වැනිදායින් අවසන් වෙයි.

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක්

Published

on

By

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසයි.

එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන් වේ.

සබැඳි පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අධිකරණ නියෝගයක්

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවය.

එම සැකකකරුවන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙන බව එරට ආරක්ෂක අංශ පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved