Connect with us

පුවත්

ජනක රණවකට තනතුරක්

Published

on

කොළඔ දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභික සහ කෝට්ටේ ප්‍රධාන සංවිධායක ජනක රණවක මහතාව පත්කර තිබේ.

එම පත්වීම් ලිපිය ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ලබාදුන් අතර අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද එම අවස්ථාවට එක්විය.

පුවත්

ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන්  ‘යානා’

Published

on

By

මගී පාරිභෝගිකයන්ට තිබෙන ගැටලුවලට අදාළ විමසීම් කිරීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය ‘යානා’ නමින් කෘත්‍රිම බුද්ධි යෙදවුමක් හඳුන්වා දී තිබේ.

මේ සඳහා www.srilankan.com වෙබ් අඩවියට ඇතුළත් වී එම පහසුකම ලබාගන්නා ලෙස ශ්‍රීලන්කන් මගීන් වෙත දන්වා සිටියි.

එම වෙබ් අඩවියේ දකුණු පස කෙළවර දැක්වෙන ගුවන් සේවිකාවකගේ රුව සහිත ඒ.අයි. (AI) රූපය ක්ලික් කිරීමෙන් ප්‍රශ්න යොමුකළ හැකිය.

මගීන් කරන විමසීම් සඳහා බුද්ධිමත්ව සහාය වීම සඳහා මෙම ඒ. අයි. (AI) තාක්ෂණය යොදාගෙන නව ක්‍රමවේදය ආරම්භ කළ බවත් ශ්‍රීලන්කන් සමාගම පවසයි.

කෘත්‍රිම බුද්ධි යෙදවුම ජී.පී.ටී. GPT – 4 තාක්‍ෂණය සහිත බවත් ශ්‍රීලන්කන් සමඟ පාරිභෝගික අන්තර් ක්‍රියා වැඩිදියුණු කිරීම හා එමගින් කාර්යක්ෂමතාව වැඩිකර ගැටලු පහසුවෙන් විසඳාදීමට හැකි අයුරින් සකස් වී තිබෙන බව පවසයි.

මේ නිසා ‘යානා’ සමග සම්බන්ධ වී පණිවුඩ යොමුකර නිවැරදිව තොරතුරු දැන ගන්නා ලෙසත් ශ්‍රීලන්කන් මගීන්ට දන්වා සිටියි

Continue Reading

පුවත්

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

Published

on

By

මෙම මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව අද (13) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

පවුල් 1,725,795ක් සඳහා මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී දීමනාව ලබාදීමට නියමිතය.

රුපියල්  බිලියන දොලහකට අධික මුදලක් ඒ සඳහා බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.  

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට තමාට හිමි මුදල අද සිට අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකියාව පවතී.

Continue Reading

පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්

Published

on

By

ලෝක රාජ්‍ය සමුළුව -2025ට සහභාගිවීම සඳහා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළැඹීම ද සිදු විය.

මෙම ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  මොහොමඩ් බින් හාඩි අල් හුසේනි මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අත්සන් තබන ලදී.

මෙම  ද්විපාර්ශ්වික ගිවිසුම මගින් ගෝලීය වෙළෙඳපොළවල  ආයෝජන අවස්ථා පුළුල් කිරීමත්, විදේශයන්හි  ආයෝජන ආරක්ෂා කිරීමත් සඳහා ආරක්ෂිත නීතිමය රාමුවක් සපයයි.

ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නාවූද ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කරන්නාවූද පුළුල් ආයෝජන ආරක්ෂණ, ආරවුල් විසඳීමේ යාන්ත්‍රණ සහ ප්‍රතිපත්ති රාමු සම්පාදනයෙන් දෙරට අතර විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම මෙම ගිවිසුමෙහි අරමුණයි. මෙම ගිවිසුම ගෝලීය ආර්ථික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට පහසුකම් සලසනු ඇත.

ද්විපාර්ශ්වික ආර්ථික සංවර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි වන වැදගත්කම මෙයින් අවධාරණය කෙරෙන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටෙහි කැපවීම මෙමගින් පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකාව තුළ වෙළඳ හා ව්‍යාපාර ව්‍යාප්තිය දිරිමත් කරන අතරම විනිවිද පෙනෙන සහ ස්ථාවර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.

විදේශ සෘජු ආයෝජන (FDI) වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමද මෙම ගිවිසුමෙන්  අවධාරණය කෙරේ.

එසේම මෙම ගිවිසුම ආයෝජකයින්ගේ විශ්වාසය වර්ධනය කිරීමටත් එනයින් ආර්ථික ප්‍රගතියට හේතු වන නව ව්‍යාපාරික අවස්ථා ජනනය කිරීමටත් හේතු වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව දිගුකාලීන සබඳතාව ශක්තිමත් කරමින් තිරසාර ආයෝජන සඳහා සහාය වීමටත් දෙරට අතර වෙළඳ හා මූල්‍ය හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරීමටත් මෙය ඉවහල් වනු ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved