Connect with us

පුවත්

ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස සලකනවා

Published

on

ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ (10) පැවති  තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන  සමුළුවට එක්වෙමිනි.

තිරිංග යොදා සිර කර තිබෙන ආර්ථිකය වෙනුවට යම් තරමක නිදහස් චලනයක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .

ආර්ථිකයෙහි  නිදහස් චලනයක් ඇති කිරීමෙන් යම් සංවර්ධන වේගයක් අත්පත් කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට සරිලන පරිදි ආර්ථිකයට විශාල කම්පනයක් නොදැනෙන ලෙස මෙවර අයවැය සකස් කළ බවද කියා සිටියේය.

ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී රුපියලට දරා ගත නොහැකි තෙරපුමක් ඇති නොවන සේ කටයුතු කිරීමට  වත්මන් රජය සංවේදී වූ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  නිර්දේශවලට අනුකූලවද  යම් යම් තීන්දු ගැනීමට සිදු වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේය .

ආර්ථික පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු රාජ්‍යයක එම විශ්වාසය යළි ඇති කිරීම සඳහා වත්මන් රජය නිවැරදි තීන්දු තීරණ ගෙන ඇති බවත්, එම නිසා බංකොලොත් වූ රාජ්‍යය නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට හැකි වූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය .

ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස සලකා කටයුතු කරන බවට තම රජය සහතික වන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා ජපන් රජයෙන් නවතා තිබූ ආර්ථිකමය වශයෙන් වැදගත් වන  ව්‍යාපෘති 11ක සහ චීන රජයෙන් නවතා තිබූ ව්‍යාපෘති 76ක වැඩ නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

සැලකිය යුතු ප්‍රමාණයකින් ආර්ථික ස්ථායිත්වයක් ආයෝජකයන් වෙත ලබා දීමට වත්මන් රජය මේ වන විටත් කටයුතු කර ඇත.

එබැවින්, මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමටත්, පුනර්ජනනීය බල ශක්තිය වෙනුවෙන් මහා පරිමාණ ආයෝජන රැගෙන ඒමටත් වත්මන් රජයට හැකි ව තිබේ.

ආයෝජකයන්ට කිසිදු කොමිස් මුදලක් ලබා දීමෙන් තොරව ආයෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම, තරුණ ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වෙළඳපොළ තුළටත් පියමං කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට වත්මන් රජය සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ලංකාවේ ප්‍රබලතම දේශපාලන ස්ථාවරත්වය සහිත පාලනය සිය රජය විසින් ගොඩනඟනු ලැබ තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙතෙක් කල් බිහි වූ පාර්ලිමේන්තු තුළ මෙරට පුරවැසියා දුටුවේ වරෙක විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා පසුව ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීමත්, වරෙක ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයා හිටි හැටියේ විපක්ෂය නියෝජනය කිරීමත් බවද පැවසීය. එවැනි තත්ත්වයක් වත්මන් පාර්ලිමේන්තුව තුළ නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආණ්ඩුව හා විපක්ෂය යනුවෙන් නිශ්චිත වෙන්වීමක් ඇති බවද පෙන්වා දුන්නේය. එය දේශපාලන ස්ථාවරභාවය පෙන්වීමට හොඳම නිදසුනක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  කියා සිටියේය.

ආදර්ශමත් දේශපාලනයක් ශ්‍රී ලංකාව තුළ මේ වන විට ආරම්භ කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිහිපත් කළේය. එබැවින් වත්මන් රාජ්‍ය පාලනය අවසානයේදී විනාශකාරී දේශපාලනයක් නැවත ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තහවුරු කර සිටියේය.

රජයේ මැතිඇමතිවරු, රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ තරුණ ව්‍යවසායකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved