හොරකම්, වංචා, දූෂණ නතර කිරීම සහ රාජ්‍ය පාලනය ප්‍රභූන්ගෙන් බේරා ගැනීම යන අභිලාශයන් ජනතාවට තිබුණු බවත්, දැන් අන්තිමට ප්‍රභූ රාජ්‍ය නිලධාරීන්, ජාවාරම්කාර ව්‍යාපාරික තක්කඩි නැවත පැමිණ රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කරගනිමින් සිටින බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ මහතා කියයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
නව ජනාධිපතිවරයාගෙන් හා ජාතික ජනබලවේගයෙන් සිය සංවිධානයට එයට ඉඩ නොදෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එකඟතාවයකට පැමිණ ඇති බවට ද ජාගොඩ මහතා චෝදනා කරයි.