Connect with us

පුවත්

ජනපතිගේ අරාබි සංචාරය 10දා ඇරඹෙයි

Published

on

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරය සිදුකරන බවයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ‘2025 ලෝක රාජ්‍ය සමුළුව’ ඇමතීමටද නියමිතව ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දන්වා සිටියි.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (08) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-08

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-08

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 8, 2025

Continue Reading

පුවත්

පොලීසියේ පුරප්පාඩු 28,000ක්

Published

on

By

මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අද (08) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වනවිට පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පවතින බවය.

ඒ අනුව පොලිස් සේවයේ පුරප්පාඩු 5,000ක් සඳහා කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වනවිට පළ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට උප පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් යන තනතුරු සඳහා අයදුම්පත් ලැබෙමින් පවතින බව ද සඳහන් කළ අමාත්‍යවරයා, පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 5,000කට උසස්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

මේ අතර, පරීක්ෂණ ශ්‍රේණියේ සිටින නිලධාරීන් 1,500කට ද උසස්වීම් ලබාදීමට නියමිත බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

පාකිස්තාන මහ කොමසාරිස් සහ ඇමති නලින්ද අතර හමුවක්

Published

on

By

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General Faheem Ul Aziz HI) මහතා ඊයේ (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී තිබේ.

මෙහි දී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දීර්ඝ කාලීන සමාජ, ආර්ථික, අධ්‍යාපන, ක්‍රීඩා සහ දේශපාලන සබඳතා පිළිබඳවත්, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සංචාරක හා වෛද්‍ය සංචාරක ක්ෂේත්‍රයන්ට අදාළ කටයුතු ඉදිරියේ දී තව තවත් වර්ධනය කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කර ඇත.

එමෙන්ම දෙරටෙහි සංස්කෘතිකාංග ඇතුළත් මාධ්‍ය වැඩසටහන් හුවමාරු කර ගැනීම සහ රුපවාහිනී ක්ෂේත්‍රයේ විචිත්‍රාංග සහ ටෙලි නාට්‍ය හුවමාරු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානයක් යොමුව තිබේ.

ඉහත සියලු ක්ෂේත්‍ර තුළ පාකිස්තාන රජයේ සහාය ශ්‍රී ලංකාවට නොමඳව ලබාදෙන බවට පාකිස්තාන මහ කොමසාරිස්වරයා මෙහිදී සහතික වී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved