Connect with us

පුවත්

ජනපති රුව සහිත ව්‍යාජ මුදල් නෝට්ටුව සෑදූ සැකකරු රිමාන්ඩ් (Update)

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් සහිත රු.5,000ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් සාදා අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සැකකරු නොවැම්බර් 11වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් කැස්බෑව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

————

ජනපති රුව ඇතුළත් ව්‍යාජ මුදල් නෝට්ටුව සෑදූ අයෙක් අත්අඩංගුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් යොදාගනිමින් ව්‍යාජ මුදල් නෝට්ටුවක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ජනාධිපතිවරයාගේ රුව යොදාගනිමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද රුපියක් 5000ක නෝට්ටුවක අන්තර්ජාලයට මුදා හැරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු ඊයේ (04)  පස්වරුවේ පිළියන්දලදී අත්අඩංගුවට ගත් බවය.

මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහක් මතුව තිබුණි.

නව රජය බලයට පත්වීමෙන් පසුව රුපියල් බිලියනයක් අච්චු ගසා ඇති බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වුණත්, මහබැංකුව ප්‍රකාශ කළේ එම වාර්තා පදනම් විරහිත බවය.

එමෙන්ම, වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් කර ඇති බවට එල්ලවන චෝදනා සත්‍ය නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් වූ මුදල් නෝට්ටුවක් පෙන්වන්නැයි,කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලේය.

පුවත්

ඉන්දියාව සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්

Published

on

By

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම හේතුවෙන් මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවය.

මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බව පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවයට ද හානි සිදු වී ඇති අතර මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයද සිටියි.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

නව මන්ත්‍රීවරයෙක් අද දිවුරුම් දෙයි

Published

on

By

සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව එලෙස පත් කෙරුණි.

සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව රැස්වේ (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස පළමුවැනි රැස්වීම් සතියේ පළමුවැනි රැස්වීම් දිනය ලෙස අද (08) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද (08) පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර,

පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා  රේගු ආඥා පනතේ (235 අධිකාරිය වූ) “අ” උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් 2025.04.09 දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී ඇත.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved