Connect with us

පුවත්

ජනපතිගේ වසර පහට ගුවන් ගමන් 557ක්

Published

on

ජනාධිපති වරප්‍රසාද යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් භාවිත කරමින් ගුවන් ගමන් 978ක් සිදු කර ඇති බව හෙළි වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිය වසර පහක ධුර කාලය තුළ ගුවන් ගමන් වාර 557ක් සිදුකර තිබෙන බව සඳහන්ය.

මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් ලබාගත් දත්ත මගිනි.

‘ඩේලි මිරර්’ පුවත්පත මගින් ගුවන් හමුදා මූලස්ථානයෙන් මේ සම්බන්ධ තොරතුරු පළමුව ඉල්ලා සිට ඇති අතර නමුත් එම තොරතුරු සැපයීමට ගුවන් හමුදාව අපොහොසත් වී තිබේ.

පසුව ඔවුන්ගේ සහෝදර පුවත්පතක් වන ‘අද’ පුවත්පත විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනයකට ප්‍රතිචාර වශයෙන් මෙම තොරතුරු අනාවරණ කර තිබෙන බවට වාර්තා වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට කරන ලද අභියාචනයකට අනුව, කොමිසම විසින් 2024.01.04 දින අභියාචනා අංක RTIC/Apeal/398/2023 යටතේ ගුවන් හමුදා මූලස්ථානය වෙත නියෝගයක් නිකුත් කර ඇත.

එම නියෝගයෙන් පසුව, 2024 ජූලි 11 වැනි දින තොරතුරු ලබා දී ඇති අතර, එලෙස ලබා දී ඇත්තේ ද ඉල්ලා සිටි තොරතුරුවලින් කොටසක් පමණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති වරප්‍රසාද යටතේ වසර පහක පාලන කාලය තුළ 557 වතාවක් ගුවන් ගමන් සිදු කර ඇති බවට එම තොරතුරු අනාවරණ කර ඇත.

ඔහු මෙම අභ්‍යන්තර ගුවන් ගමන් හරහා කිලෝමීටර් 131,277.17ක සම්පූර්ණ දුරක් ගමන් කර තිබේ.

සාපේක්‍ෂව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය පාලන කාලය තුළ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා විශාල වශයෙන් භාවිත කර ඇති අතර, එය රාජපක්ෂගේ වාර්ෂික ගුවන් ගමන් සාමාන්‍යය වන 88 අභිබවා යමින් වාර්ෂිකව ගුවන් ගමන් සාමාන්‍යය 111ක් ලෙස සටහන් වී තිබෙන බව පැවසේ.

පුවත්

ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

Published

on

By

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09)මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

එම කොමිසම පැවසුවේ, අද පෙරවරු 10.00 ට එම සාකච්ඡාව පැවැත්වෙන බවය.

මේ අතර, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් ද අද පස්වරු 2.00 ට මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

Continue Reading

පුවත්

තාවකාලික හැඳුනුම්පතක්

Published

on

By

මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසම පැවසුවේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත ලබා ගත හැකි බවය.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Continue Reading

පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරයක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

Published

on

By

දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.

එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 320 ක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන තිබෙන බව පැවසේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වයස අවුරුදු 29 හා 30 අතර පසුවන ගම්පහ මුදුන්ගොඩ සහ මීගමුව දෙමන්හන්දිය පදිංචිකරුවන්ය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved