Connect with us

පුවත්

ජනපතිවරණයට පොදු ද්‍රවිඩ අපේක්ෂකයෙක්!

Published

on

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එකඟ වී ඇතැයි වාර්තා වේ.

ද්‍රවිඩ දේශපාලන පක්ෂ 7ක් සහ සිවිල් සංවිධාන 7ක් ඒ සඳහා වූ එකඟතාවයට අද (22) පෙරවරුවේ යාපනයේදී අත්සන් කරඇතැයි ද වාර්තා වේ.

පුවත්

දෙවැනි මනාපය අපිට වැදගත් නෑ – NPP

Published

on

By

සිය සලකුණ ඉදිරියෙන් කතිරයක් සලකුණු කිරීම පමණක් ප්‍රමාණවත් බවත් පළමු දෙවැනි මනාප සලකුණු කිරීම වැදගත් නොවන බවත් ජාතික ජන බලවේගය (NPP) සිය පාක්ෂිකයන්ට දැනුම් දෙන බව ජාතික ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියයි.

සෙසු ප්‍රධාන අපේක්ෂකයන් වෙන් වෙන්ව තරග කළත් එකම කුලකයකට එකම පවුලකට අයත් පිරිසක් බැවින් අවසන් මොහොතේ දී ඔවුන් අනෙකාට දෙවැනි තෙවැනි මනාප පළ කරන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 

රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය සජිත්ට දෙවැනි මනාපය යෝජනා කරන්නේ නම් හෝ සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වය රනිල්ට දෙවැනි මනාපය යෝජනා කරන්නේ නම්, එයින් පෙනී යන්නේ රට විනාශ කළ මේ සියලු දෙනාම එකම කණ්ඩායමක් බව යැයි ද ඔහු වැඩිදුරටත් කීය.

බංකොලොත් දේශපාලනඥයන් ආගම ඉදිරියට රැගෙන ජාතික ජන බලවේගයට පහරදීමට උත්සාහ කරමින් සිටින බවද නලින්ද ජයතිස්ස මහතා කියා සිටී. 

ව්‍යවස්ථානුකූලව බුදු දහමට සිය ආණ්ඩුවක් යටතේ ප්‍රමුඛස්ථානය ලැබෙන බවත් මහනාහිමිවරුන් සහ මහා සංඝරත්නය ඒ පිළිබඳව දැනුම්වත් කර ඇති බවත් ඔහු පැහැදිලි කර සිටියේය. 

එසේම විකෘති කොට අදහස් දක්වමින් ජාතික ජන බලවේගය බුදු දහමට විරෝධී යැයි පැවසූ ආනන්ද සාගර හිමියන් වෙත එන්තරවාසියක් ද යවා ඇතැයි ඔහු අනාවරණය කළේය.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

රනිල්ගේ පරිවාරක හෙලිකොප්ටරය හදිසියේ ගොඩබෑවේ ඇයි?

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෙලිකොප්ටරය සමඟ ගමන් ගත් පරිවාරක හෙලිකොප්ටරයක් ඊයේ (14) සවස එප්පාවල ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබේ.

ආලෝක පුවරුවේ කාර්මික දෝෂයක් හේතුවෙන් මේ ගොඩබැස්සවීම සිදුකර ඇතැයි වාර්තා වේ.

හෙලිකොප්ටරය නිරුපද්‍රිතව වෙල්යායකට ගොඩ බස්වා ඇති අතර, ඒ වෙනුවට ආදේශක හෙලිකොප්ටරයක් ගෙන්වාගෙන ඇති බවද වාර්තා වේ.

මේ තත්ත්වය ඇතිව ඇත්තේ යාපනයේ පැවති මැතිවරණ රැස්වීමක් අමතමින් සිට ජනාධිපති වික්‍රමසිංහ මහතා කෑගල්ල බලා යමින් සිටියදීය.

Continue Reading

පුවත්

සාස්තර ඥානක්කාගේ නිවසට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක වන්දියක්

Published

on

By

ඉකුත් අරගල සමයේදී ගිනි තබා විනාශ කරන ලද අනුරාධපුර පදිංචි සාස්තර කාරියකවන ඥානවතී ජයසූරිය (ඥානා අක්කා) නැමැත්තියගේ ගිනිතබා විනාශයට පත් කළ නිවසේ හානි පූර්ණ වන්දි වශයෙන් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක මුදලක් ඇයට ගෙවා ඇතැයි හානිපූර්ණය සඳහා වන කාර්යාලය සඳහන් කරයි.

ඥානා අක්කාගෙන් සාස්තර ඇසීමටත්, යාතිකා කර ගැනීමටත් හිටපු ජනාධිපතිවරුන්, දේශපාලඥනයින්, සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් ගොස් ඇති බව පසුගිය කාලයේදී හෙළිවිය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම කාර්යාලයෙන් කරන ලද විමසීකට අනුව මෙම තොරතුරු ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුර නව නුවර පාරේ, ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිව සිටින ‘ඥානා අක්කා’ නමින් හඳුන්වන කාන්තාවගේ නිවසට, දේවාලයට සහ හෝටලයට ඉකුත් අරගල සමයේදී එනම් 2022 වසරේ මැයි 10 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනි තබන ලදී.

ඒ අනුව, හානිපූරණය සඳහා වන කාර්යාලය අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ රජයේ තක්සේරුකරු විසින් ලබාදී ඇති රහස්‍ය තක්සේරු වාර්තාවෙහි වටිනාකම මත පදනම්ව මූල්‍ය සහන ලබාදී ඇතැයි එම කාර්යාලයේ තොරතුරු නිලධාරියා සඳහන් කරයි.

මෙලෙස මූල්‍ය සහන ලබාදීමේදී හෝටලයට සහ දේවාලයට ගෙවීම් කර නැතැයි ද හානිපූරණය සඳහා වන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved