Connect with us

පුවත්

ජනපතිවරණයට රාජ්‍ය සේවකයන් දෙලක්ෂයයි; පොලිසියේ පනස්දාහක්

Published

on

ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය සේවකයන් දෙලක්ෂ විසිපන්දහසක් (225000ක්) යොදවා ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරින් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 

මේ වන විට රාජ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා ගැනීමට කටයුතු කරමින් සිටින බව පැවසූ ඒ මහතා මැතිවරණ කොමිසම හා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිටින්නේ නිලධාරීන් 700ක් පමණක් බවද කීය.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තෙක්ම මේ නිලධාරීන්ගේ සේවය අවශ්‍ය බවත් ඒ සම්බන්ධව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බවද ඔහු පැවසුවේය.

එසේම ග්‍රාම සේවා නිලධාරීන්ද මේ සඳහා පූර්ණ සහාය ලබා දීමට පොරොන්දු වී ඇති බවත් ජනාධිපතිවරණය අවසන් වන තෙක් ඔවුන් කිසිදු ආකාරයක වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු නොවන බව දන්වා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

එමෙන්ම මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් 54,000ක් පමණ යෙදවීමට බලාපොරොත්තු වන බව පෙන්වා දුන් කොමසාරිස් ජනරාල්වරයා අවශ්‍ය වුවහොත් පමණක් යුද හමුදා සහාය ලබා ගැනීමට කටයුතු කරන බවද කීය.

පුවත්

හොඳින් හරි නරකින් හරි ඡන්ද ටික අපි ගන්නවා

Published

on

By

තම ගෙවල් ගිනි තැබීමෙන් තමා බියට පත් නොවන බවත්, අපේ රටේ අනාගතය රනිල් වික්‍රමසිංහගෙන් පිට ගියහොත් මෙරට බංගලාදේශයක් වන බවත්, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (08) කුරුණෑගල පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“අපේ ජයග්‍රහණය ගැන සැක සංකවක් තියාගන්න එපා. අපි මැච් එක ගහනවා ඒ පාර. හොඳින් හරි නරකින් හරි ඡන්ද ටික අපි ගන්නව…

මේ 69ට හයිය දුන්නේ අපි. මේ දිස්ත්‍රික්කයේ මහින්ද සුළඟ නිර්මාණය කළේ අපි. මමයි, ඩී.බී හේරත් ඇමතිතුමා, ජොන්ස්ටන් ප්‍රනන්දු ඇමතිතුමා, අපි තමයි 69 ලක්ෂයේ මූලාරම්භය ගත්තේ..”

Continue Reading

පුවත්

“හොරුත් එක්ක දීග කන්න මට ලැජ්ජයි”

Published

on

By



ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කර එහි ප්‍රතිපාදන පළුදු නොකරන පොදුජනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට නායකත්වය ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.

“වර්තමානයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හරහා නවතම ඒකාධිපති ආඥාදායකත්වයක් ඇති කර තිබෙනවා. විධායකය වටා බලය කේන්ද්‍ර කර ගෙන හිතුමතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අමුඅමුවේ උල්ලංඝනය කර ඔවුන් කැමති පොලිස්පති පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් කටයුතු කළා. එය මේ වන විට එය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටවලා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ සර්වජන ඡන්ද බලය උල්ලංඝනය කරමින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළ ඔහු මූලික අයිතිවාසිකම් කඩ කරන්නෙක් බවට අධිකරණය ඒකමතිකව තීන්දුවක් දුන්නා.

මට අගමැති වෙන්න 71 වතාවක් ආරාධනා කළා. ගෝඨාභය රාජපක්ෂ පවා අගමැතිකම බාර ගන්න කතා කළත් මම ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. වත්මන් ජනාධිපතිවරයා මෙන් මම හොරු සමඟ එකට වාසය කළේ නැහැ. රට හොරා කෑ හොරුත් එක්ක දේශපාලන දීග කන්න මට ලැජ්ජයි. ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට විවිධ ක්ෂේත්‍ර යටතේ පත්වීම් කළ හැකි බලය ලැබෙනවා. ඒත් මම මගේ තනි මතයට වැඩකරන්න සූදානම් නැහැ”

Continue Reading

පුවත්

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර

Published

on

By

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය ඊයේ (08) ප්‍රකාශයට පත් කර තිබේ.

කන්කසන්තුරේ වරාය පුළුල් කොට සංවර්ධනය කිරීම තුළින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වාණිජ කටයුතු සීඝ්‍රයෙන් වර්ධනය කිරීමටද ඉන්දියාව බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සදහන්ය.

ඉන්දියාවේ සිට භාණ්ඩ රැගත් විශාල ප්‍රමාණයේ නැව්වලට කන්කසන්තුරේ වරාය වෙත සේන්දු වීමටත්, භාණ්ඩ පැටවුම් හා ගොඩබෑම විශාල ධාරිතාවයකින් යුතුව සිදු කිරීමට මෙම වැඩසටහන තුළින් අවස්ථාව උදාවන බවද ඉන්දියව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ, යාපනයේ දූපත්වල සුළං බලාගාර, දුම්රිය ප්‍රවාහනය යන ක්ෂේත්‍ර සඳහා ඉන්දියාව මුල්‍ය ආධාර හා ආයෝජන සිදු කර ඇති බවද වැඩිදුරටත් සදහන්ය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved