Connect with us

පුවත්

ජනපතිවරණ ඡන්ද පත්‍රිකාව අද රජයේ මුද්‍රණාලයට

Published

on

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද(16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, එය සකස් කිරීමේ කටයුතු සිදුවන බවයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 39 කි.

ඒ අනුව 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකාවට වඩා මෙවර ඡන්ද පත්‍රිකාව තරමක් දිගු වන බව  සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

එහි ප්‍රමාණය සහ ඒ සඳහා යන වියදම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර, මැතිවරණයට අදාළ නීතිවිරෝධී පෝස්ටර්, කටවුට්, බැනර් ආදිය ඉවත් කිරීම සඳහා කම්කරුවන් බඳවා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මැතිවරණ කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා සඳහන් කළේ, පොලිස් ස්ථාන අදියර තුනක් යටතේ වෙන්කර ඇති බවයි.

ඒ අනුව මූලස්ථාන පොලිසීයකට කම්කරුවන් හතර දෙනෙකු බැගින් බඳවා ගෙන තිබේ.

සෙසු පොලිස් ස්ථාන වලට බදවා ගෙන ඇති කම්කරුවන් සංඛ්‍යාව 3කි.

පොලිස් මැතිවරණ කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා මැතිවරණ රාජකාරී පිළිබඳ සාකච්ඡා කළ බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන්ට නිකුත් කර ඇති මාර්ගෝපදේශ සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කළ බවයි.

මේ අතර, නාමයෝජනා භාරදීමෙන් පසු, පැමිණිලි තුනක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

ඒ, නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් ය.

ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට මැතිවරණ කොමිසම වෙත වාර්තා වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 437 කි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved