Connect with us

පුවත්

වැඩබලන අමාත්‍යවරු පත් කෙරේ (UPDATE)

Published

on

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්  මහතාගේ (Frank-Walter Steinmeier)  ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සඳහා මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් හා ක්‍රම සම්පාදන  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු , විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය


(පෙර පුවත 2025 ජූනි 11 පෙ.ව.7.14 )

ජනපති අද ජර්මන් ජනපති හමුවෙයි

ජර්මන් සංචාරය අරඹමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) එරට ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් හමුවීමට නියමිතව තිබේ.

තුන් දින නිල සංචාරයක් අරඹමින් ජනාධිපතිවරයා ඊයේ(10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව ගියේ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි.

ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් හමුවීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්ව සිටියි.

මේ අතර ජර්මානු සංචාරය හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සදහා එම පත් කිරීම් කර ඇති බවයි.

එමෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහාද වැඩබලන අමාත්‍යවරුන් පත්කර තිබේ.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පත් කෙරුණි.

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතායි.

ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පත්කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ විදේශ කටයුතු , විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතායි.

පුවත්

බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට සංචාරක විසා දුන්නේ සංචාරක ගොඩ වැඩි කරන්නද?

Published

on

By

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ දැන් පැවැත්වෙන තරග සංචාරය වාර්තා කිරීමට මෙරට පැමිණ සිටින මාධ්‍යවේදීන්ට සංචාරක වීසා නිකුත් කිරීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

තරගාවලිය අවසන් වීමට පෙර වීසා කාලය අවසන් වීමෙන් බොහෝ මාධ්‍යවේදීන්ට විස්සයි20 තරගාවලිය ආවරණය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත් බොහෝ මාධ්‍යවේදීන්ට දින 14 සහ දින 21 සංචාරක වීසා නිකුත් කර ඇති බවත් ඔවුහු පවසති.

මෙවැනි තරගාලියක් සඳහා වීසා නිකුත් කිරීමේදී වෙනත් රටවල් තරගාවලිය පැවැත්වෙන කාලය අනුව වීසා නිකුත් නිකුත් කළ ද ශ්‍රී ලංකාව ඒ පිළිබඳව අවදානය යොමුකර නොමැති බව කියන බංග්ලාදේශ මාධ්‍යවේදීහූ ඒ හේතුවෙන් වීසා දීර්ඝ කරගැනීමට නැවත කාලය ගතකිරීමට සිදුව ඇති බව ද පවසති.

මේ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට පවසා ඇත්තේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට වීසා නිකුත් කළ බවත් වීසා කාලය අවසන් වී සතියක් ගතවීමට පෙර දඩ මුදල් ගෙවීමකින් තොරව වීසා දීර්ඝ කරගත හැකි 

බංග්ලාදේශ මාධ්‍යවේදීන් කීපදෙනෙක් වීසා දීර්ඝ කරගැනීමට එම දෙපාර්තමේන්තුවට අද දිනයේ පැමිණි බව ද මහේෂ් කරුණාදාස මහතා වැඩි දුරටත් කීය. 

බංග්ලාදේශ මාධ්‍යවේදීන් 40 ක් පමණ මෙම තරගාවලියට වාර්තා කිරීමට පැමිණ සිටිති.

මාසයක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පසුගිය ජූනි මස 17 වැනිදා ආරම්භ වූ අතර අවසන් විස්සයි20 තරගය ලබන 16 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත.  

මාධ්‍යවේදීන්ට මෙසේ සංචාරක වීසා ලබාදී ඇත්තේ ලංකාවට පැමිණි සංචාරක ප්‍රමාණයේ ඉලක්කම් වර්ධනයට බවට ද මේවන විට ආගමන විගමන දෙපාර්තමේන්තුවට චෝදනාවක් එල්ලවී ඇතැයි පැවසේ.

Continue Reading

පුවත්

කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරුකරයි

Published

on

By

කහවත්ත යාඉන්න ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබේ.

ඉකුත් ජුනි 30දා අදාග තරුණයා වෙඩිතැබීමකින් ඝාතනය ලක්වූ අතර, සිද්ධියෙන් තවත් තරුණයෙකු බරපතල තුවාල සහිතව රෝහල්ගත කෙරුණි.

Continue Reading

පුවත්

රනිල්, ඊලොන් මස්ක්ට ස්තූති කරයි

Published

on

By

‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කර තිබේ. 

නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, නුදුරු දිනකදීම තමන් ඊලොන් මස්ක් හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවය.

එම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ ඉන්දුනීසියාවේ බාලි හිදී පැවති 10වන ‘ලෝක ජල සමුළුවට’ සහභාගි වූ අවස්ථාවේදී ඊලොන් මස්ක් හමුවිය.

එය ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලැබීමේ ක්‍රියාවලියේ ආරම්භය වේ.

ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ ‘X’ ගිණුමෙහි සටහනත් තබමින් පවසා සිටියේ, ‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved