Connect with us

පුවත්

ජනපති අද ජාතිය අමතනවා – ෂෙහාන් සේමසිංහ

Published

on

ජාත්‍යන්තර  මුල්‍ය අරමුදලේ (IMF) ඩොලර් බිලියන 3ක සහය ලබා ගැනීමේ ප්‍රධාන ඉදිරි ගමන පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) ජාතිය අමතන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (20) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කළේ රටේ ජනතාවගේ ඉවසීමෙන් සහ විශ්වාසය මත මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට තුළ සිදු කරන ලද ජනප්‍රිය නොවන නමුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ නිසා යැයිද සේමසිංහ මහතා කීය.

“ජනාධිපතිතුමාගේ, මුදල් අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතුළු ආයතනවල අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ඇතිව මාස අටක දැවැන්ත ක්‍රියාවලියක් අවසානයේ  අපේ රටේ සහ අනෙකුත් රටවල ණයහිමියන්ගේ සහයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දීර්ඝ ණය පහසුකම වෙත ප්‍රවේශ වීමට අපට අවස්ථාව ලැබුණා. මේ අනුමැතිය මේ වෙලාවේ රටට අත්‍යවශ්‍ය වුණා.”

“රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපි සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු කාලය දැන් පැමිණ තිබෙනවා. තව දුරටත් මේ ප්‍රතිසංස්කරණවලදී ඉවසීමෙන් කටයුතු කළ යුතුයි” යැයි පැවසූ සේමසිංහ මහතා මහජන නියෝජිතයකු ලෙස පමණක් නොව ශ්‍රී ලාංකිකයකු වශයෙන් ද ජනාධිපතිවරයා විසින් තමාට පැවරූ රාජකාරිය මැනවින් ඉටු කළ බව ද කියා සිටියේය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved