Connect with us

පුවත්

ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන දැනුම්දීමක්

Published

on

ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන දැනුම්දීමක් ආරක්ෂාව තහවුරු කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්ට ඇති තර්ජන සම්බන්ධයෙන් නිරන්තර බුද්ධි වාර්තා කැඳවමින් ඇති බවය.

අදාළ බුද්ධි වාර්තා මත පදනම්ව ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති අපේක්ෂකයින් සහභාගී වන ජන රැළි පැවැත්වීමට දින කිහිපයක සිට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තා කැඳවා අධ්‍යනය කරනු ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට අමතරව අදාළ අපේක්ෂකයා එම ජන රැළියට සහභාගී විමට පැය කිහිපයකට පෙර යළිත් ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු කර ගන්නා බවය.

එවැනි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ, ජනාධිපති අපේක්ෂකයින්ට අවශ්‍ය ආරක්ෂාව සලසා තිබෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ඊයේ (09) මැතිවරණ කොමිසමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නියෝජිත රේනුක පෙරේරා මහතා පවසා තිබුණේ, නාමල් රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට තර්ජන එල්ල වී ඇති බවය.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved