Connect with us

පුවත්

ජනපති අපේක්ෂකයින්ට ඇති තර්ජන ගැන තක්සේරුවක්

Published

on

ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව පොලීසිය පවසයි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ බුද්ධි තොරතුරු මත එක් එක් අපේක්ෂකයාට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව තීරණය කරන බවය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පත් කරන ලද මෙම කමිටුවේ සභාපතිධූරය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දරන බව ඔහු පවසා සිටියේය.

එමෙන්ම, මෙම කමිටුව මඟින් එක් එක් ජනාධිපති අපේක්ෂකයින් හට පවතින තර්ජන සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කිරීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පති  රුවන් ගුණසේකර මහතා පෙන්වා දෙයි.

“මේ ජනාධිපති කාලසීමාව තුළදී අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් පත්කර තිබෙනවා. මේ කමිටුවේ සභාපතිධූරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමා. ඒ අනුම සෑම අපේක්ෂකයෙකුටම යම් ආරක්ෂාවක් ලබාදීම සිදුවෙනවා. ඊට අමතරව එක් එක් අපේක්ෂකයාට තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරනවා. ඒ තක්සේරුව සිදු කරන්නේ ඒ කමිටුව මගින්. ඒ අනුව කමිටුව තීරණය කරනවා ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය නම් ඒ ආරක්ෂාව වැඩි කරන්න. ඒ අනුව තමා සෑම අපේක්ෂකයෙකුටම ආරක්ෂාව සපයන්නේ. ඒ අනුව එක් එක් අපේක්ෂකයා සහභාගී වන රැස්වීම් සම්බන්ධව කල්වේලා ඇතිව දැනුම්දීමෙන් අනතුරුව ඒ රැස්වීම් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා අවශ්‍ය දැනුම්වත් කිරීම් කරලා ඒ සම්බන්ධීකරණය සිදුකරනවා.”

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved